ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සුකර්බර්ග් පෙරේදා ඉන්දියාවට පැමිණියා.
අනතුරුව ඊයේ සවස ඉන්දීය අග්මැති නරේන්ද්‍ර මූඩි හමුවූ සකර්බර්ග් පවසා ඇත්තේ ඉන්දියාව ඩිජිටල් කිරීමේ මූඩිගේ උත්සාහයට තමන්ගේ උදව් ලැබෙන බවයි.
පෙරේදා ඉන්දියාවේ සන්නිවේදන ඇමතිවරයා හමුවූ අවස්ථාවේ ඔහු පැවසුවේ ඉන්දියාවේ අන්තර්ජාල හා අනෙකුත් විකල්ප තාක්ෂණයන් ව්‍යාප්තකිරීමට තමන්ගේ උදව් ලැබෙන බවයි.
"අන්තර්ජාලය යනු පොහොසතුන්ගේ වරප්රසාදයන් නොව මිනිස් අයිතිවාසිකමක්" බව පැවසූ ෆේස්බුක් නිර්මාතෘවරයා තවදුරටත් පවසා සිටියේ "බිලියනයක් පමණ ජනතාව අන්තර්ජාලය සමඟ සම්බන්ධවීමෙන් ඔවුන්ගේ ජන ජීවිතයේ දියුණුවන් ඇති වනවා පමණක් නොව සිතුම් පැතුම් වලත්, නව සොයාගැනීම් වලත් දියුණුවක් ඇතිවේවි" යැයි කියාය.
ඉන්දියාවේ ජනගහනයෙන් මිලියන 243කට පමණ අන්තර්ජාල සම්බන්ධතා තිබෙන අතර එය මුළු ජනගහනයෙන් 19%කි. (ලංකාවේ මෙම අගය 18.3%කි)
ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශ වල දහස් ගනනක් ජනතාවට තවමත් දුරකථන සන්නිවේදන පහසුකම් පවා නොමැති අතර ඔවුන්ට පවා අන්තර්ජාලය ලබාදීමට මූඩි දරන උත්සාහය පිළිබඳව අසා සිටීමටත්, ඉගනගැනීමටත් තමන්ගේ කාලයයෙන් බොහෝ කොටසක් යෙදවීමටත් බලාපොරොත්තු වන බව සකර්බර්ග් පවසා ඇත්තේ ඒ සඳහා උදව් කරන්නේ කෙසේද යන්න අවබෝධ කරගැනීමට බවයි.
අනතුරුව ඩොලර් මිලියනයක තමා වෙන් කළ බව සකර්බර්ග් නිවේදනය කර ඇත්තේ තමන්ගේ දේශීය භාෂා වලින් ගොවියන්, විදේශ ශ්‍රමිකයන් හා කාන්තාවන් සඳහා උකාරී වන ඇප් එකක් නිපදවීම සඳහාය.
ෆේස්බුක් පරිශීලකයන්ගෙන් 65%ක් පමණ ඉංග්‍රීසි හැර වෙනත් භාෂා වලින් ෆේස්බුක් පරිශීලනය කරයි. ඉංග්‍රීසි හැර ෆේස්බුක් පරිශීලනය කර හැකි අනෙක් භාෂා අතරට ඉන්දියාවේ භාෂා 10ක් ඇතුලත්ය.
එබැවින් අනෙකුත් භාෂාවන් සඳහා ඇප් නිපදවීමටද ෆේස්බුක් බලාපොරොත්තු වන බව පවසා තිබේ. ඊට අමතරව ඉන්දියානු ජනතාවගේ ශරීර සනීපාරක්ෂාව සඳහා Clean India නමින් ජංගම දුරකථන මෘදුකාංගයක් නිපදවීමටද මාර්ක් සකර්බර්ග් එකඟතාවය පලකර තිබේ.
ඉන්දියාවේ ගංගා විශාල ප්‍රමාණයක් අපවිත්‍රවී තිබෙන අතර ගංගා පිරිසිදුකිරීම සඳහා ෆේස්බුක් යොදාගතහැකි අන්දම පිළිබඳවද ඉන්දීය රජය මේ වනවිට සලකා බලමින් සිටී.
නවදිල්ලි නුවරින් සැතපුම් 150ක් පමණ උතුරු දෙසින් පිහිටි Chandauli නම් ගම්බද පෙදෙසට තමන් ගිය බවත්, පසුගිය වසරේ සිට එම ප්‍රදේශයට අන්තර්ජාලය ලැබී තිබෙන නිසා එහි පාසැල් දරුවන්ට අන්තර්ජාලය පරිශීලනය කිරීමේ වරම් උදාවී තිබෙන බවත් සකර්බර්ග් තම ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබේ.