Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

කලාශූරී ජී රංගානාතයන් සහ කලා භූෂණ කමලනයනා රංගානාත්ගේ සහ ජාතික රූපවාහිනියේ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු වන මොහාන්ජි රංගනාත්ගේ සහෝදරිය වූඊෂානි යසෝදා රංගානාත් කලාකාරිණිය හදිසියේ අභාවප‍්‍රාප්ත වී ඇත.

කොළඹ ශාන්ත බ‍්‍රිජට් කන්‍යාරාමයෙන් සහ කෑගල්ල ශාන්ත ජෝශප් කන්‍යාරාමයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඇය කැලණිය විශ්වවිද්‍යාලයෙන් ලලිතකලා විශේෂ උපාධිය ලබා ගත්තීය. කෑගල්ල ශාන්ත ජෝශප් කන්‍යාරාමයේ සහ කොළඹ මියුසියස් විද්‍යාලයේ
නර්තන ආචාරිනිය ලෙස සේවය කොට ඇති ඊෂා මිය යනවිට කැලණිය විහ්වවිද්‍යාලයේ ලලිතකලා අධ්‍යණ අංශයේ නර්තනය සහ ජන ගායනා පිළිබඳ කථිකාචාර්යවරියක ලෙස සේවය කළාය.

ඊෂා "අසනිවැසි" ටෙලි නාට්‍ය සංගීත නිර්මාණයේදී හොඳම සංගීත අධ්‍යක්‍ෂණය සහ හොඳම ගායිකාව ලෙස 2013 වර්ෂයේදී සුමති සම්මාන සහ සිග්නීස් සම්මාන උළෙලේදී සම්මානයට පාත‍්‍රවිය.
"යසඉසුරු" ටෙලි නාට්‍ය සඳහා සංගීතය නිර්මාණය කරමින් 2013 වර්ෂයේදී සිග්නීස් සම්මාන උළෙලේදී සහ රාජ්‍ය ටෙලි සම්මාන උළෙලේදී හොඳම සංගීත අධ්‍යක්‍ෂණය හොඳම ගී තනු නිර්මාණය සහ හොඳම ගායිකාව යන සම්මාන දිනා ගනු ලැබීය.
ඇය සම්මාන ලත් 'ටිං පැටව්' සහ පසුගිය වසරේ විකාශනය වූ 'හිරු දරුවෝ' ප‍්‍රාසාංගි ටෙලිනාට්‍යන්හි පසුබිම් සංගීත අධ්‍යක්‍ෂණයෙන් ද දායක විය.
ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 26දින සවස බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live