Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.


පස්දෙනෙකුගේ ජීවිත බිලිගත් දංකොටුව සිද්ධියේ සුලමුල හෙළිවෙයි 


දංකොටුව ප්‍රදේශයේ දී වෑන් රථයක් තුළ පුද්ගලයින් 05 දෙනෙකු ඝාතනය කිරීමට හේතුව කප්පම් සිද්ධියක් බව හෙළි වී තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 05 දෙනෙකු මේවන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි.


සැකකරුවන් මෙම ඝාතන සිදුකර වෑන් රථයට දමා පෙට්‍රල් බෝම්බයක් යොදා ඊට ගිනි තබා ඇති බව දැනට සිදුකර ඇති පරීක්ෂණවලදී හෙලිවී ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.


මියගොස් සිටි එක් අයෙකු සීසර් කපිල නම් වූ අයෙකු බවටයි හදුනාගෙන ඇත්තේ. කල්බදු සමාගම්වල, නිසි පරිදි වාරික නොගෙවන වාහන යළි අත්පත් කර ගන්නා කණ්ඩායමක ප‍්‍රධානියෙකු ලෙස ඔහු කටයුතු කර තිබුණා. 

119 හදිසි දුරකතන අංකයට  ලැබුණු තොරතුරකට අනුව පසුගිය 11 වන දා දංකොටුව, බුත්ගම ප්‍රදේශයේ පාළු මාර්ගයක ගිනි ගැනීමට ලක්ව තිබූ වෑන් රථයක තිබී මළ සිරුරු කිහිපයක් සොයා ගත්තා.



Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live