Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.





පොලිසිය සහ රියදුරන් අතර ගොඩක් ප්‍රශ්න ඇතිවෙනවා. සමහර රියදුරන් මාර්ග නීති ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැතිව වාහනය ඔහේ ධාවනය කරනවා. එහෙම ගිහින් පොලිසියෙන් ඇල්ලුවම එයාලා කරන්නේ පගාව දෙන්න හදන එකයි පොලිසිය එක්ක වලියක් දාගන්න එකයි. මේකේ තවත් පැත්තක් තියෙනවා ඒ තමා සමහර පොලිසියේ අය හිතාමතාම සමහර රියදුරන්ව අල්ලලා එයාලගෙන් යම්කිසි දෙයක් බලාපොරොත්තු වෙන එක. පොලිසියේ අයවත් පාරේ යන රියදුරන්වත් වැරදි කියන්න නෙමේ මේ අපි හදන්නේ.

වැරදි වැඩ කරන අය ගැනයි මේ කියන්න හදන්නේ. ඒ පොලිස් නිලධාරියෙක් වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් රියදුරෙක් වෙන්න පුළුවන්.
අවිස්සාවේල්ල පාරේ ඉන්න පොලිස් නිලධාරීයෙක් රියදුරෙක්ට නිකුත් කළ දඩ මුදල සහ දඩ කොළය අරගෙන ගිහින්. ලයිසන් එක රියදුරාට නැවත ලබාදීලා.
දඩ මුදල පොලිස් නිලධරියා ගෙවනවා කියලා තමා අරන් ගිහින් තියෙන්නේ. මේක උදව්වක්ද ? අල්ලස් ගැනීමේ අලුත් ක්‍රමයක්ද කියන්න අපි කියන්න යන්නේ නැහැ. වීඩියෝ එක බලලා ඔයාලම අපිට ඒ අදහස කියන්නකෝ.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live