Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

සුනාමියදා හික්කඩුව තෙල්වත්ත පෑරලියදී මගීන් 1270 ක් සමග දුම්රියක් මුහුදට බිලිවුණා. එමෙන්ම තවත් විශාල පිරිසක් සුනාමි රළ පහරට හසුවුණා.
ඒ අය සිහිපත් කරමින් අද රටපුරා විවිධ සැමරුම් වැඩසටහන් පැවැත්වුණා.
මීට වසර 11 කට පෙර අද වැනි දිනක උදෑසන 6.40 ට පමණ අංක 50 දරණ දුම්රිය මරදානේ සිට මාතර බලා පිටත්වුණා. හික්කඩුව පෑරලිය දුම්රිය ස්ථානය ආසන්නයේ සුනාමි රළ පහරට හසුවීමෙන් මෙය
සම්පූර්ණයෙන් විනාශ වූයේ මගීන් 1270 දෙනෙකුද සමගින්. එම අවස්ථාව සිහිකරමින් අද උදෑසන 9.15 ට පමණ කොළඹ සිට පෑරලිය බලා අනතුරට ලක්වූ දුම්රියෙහි එංජිම මෙලෙස ගමන් ගත්තා.
ඉන් පසු මෙම අනතුරින් මියගිය අයගේ ඥාතීන් කොළඹ සිට මාතර බලා ධාවනය වෙමින් තිබූ තවත් දුම්රියකින් පැමිණියේ එදා මියගිය තම ආදරණීයයන් සිහිකරමින්. අනතුරුව ඔවුන් පෑරලිය දුම්රිය ස්ථානයේ පිහිටි ස්මාරකයට පුෂ්පෝපහාර දක්වනු ලැබුවා.
මෙවැනි ව්‍යසනයක් යළිත් සිදුනොවන්නට අද ගාල්ල මුහුදට පිරිත් පැන් ඉසිනි ලැබුවේ මෙලෙසින්.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live