Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

ගතවූ වසර පහ (2010-2014) තුළ මැදපෙරදිග රටවලදී ශ්‍රී ලාංකීය කාන්තාවන් 199 ක්‌ ලිංගික අපයෝජනයන්ට ලක්‌ව ඇතැයි විදේශ රැකියා ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය පවසයි.

බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමින් තලතා අතුකෝරල මහත්මිය ඊයේ (07) පාර්ලිමේන්තුවේදී මේ බව පවසා සිටියාය.

මේ පිරිස අතුරින් කාන්තාවන් 91 ක්‌ සවුදි අරාබියේදී ද, කාන්තාවන් 40 ක්‌ කුවේට්‌හිදී ද, 26 දෙනකු ජෝර්දාන්හිදී ද 17 ක්‌ එක්‌සත් අරාබි එමීර් රාජ්‍යයේ ද අපයෝජනයට ලක්‌ව ඇත.

කටාර්හිදී කාන්තාවන් 11 ක්‌, ඕමාන්හි කාන්තාවන් 07 ක්‌, බහරේන්හිදී 04 ක්‌ සහ ලෙබනන්හිදී මෙරට කාන්තාවන් 03 ක්‌ ලිංගික අපයෝජනයට ලක්‌ව ඇතැයි අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

2010 වසරේදී මෙරට කාන්තාවන් 57 ක්‌, 2011 දී කාන්තාවන් 38 ක්‌, 2012 දී කාන්තාවන් 46 ක්‌, 2013 දී කාන්තාවන් 40 ක්‌ සහ 2014 දී කාන්තාවන් 18 ක්‌ මැදපෙරදිග රටවලදී ලිංගික අපයෝජනයට ලක්‌කර ඇති බව අතුකෝරල මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live