කොටදෙණියාව ප‍්‍රදේශයේදී සේයා සදෙව්මි දැරියගේ ඝාතනය, කොණ්ඩයාගේ සොහොයුරා විසින් සිදුකල බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔහු විසින් පාපොච්චාරණය කර තිබෙනවා. එම ප‍්‍රකාශය මිනුවන්ගොඩ අධිකරණය වෙත දැනුම් දීමට රහස් පොලීසිය කටයුතු කර ඇති බවයි පොලිසිය සඳහන් කලේ. කෙසේ වෙතත් අද දිනයේ දුනේෂ් පි‍්‍රයශාන්ත නොහොත් කොණ්ඩයා සහ ඔහුගේ සොහොයුරා
සේයා සදෙව්මි දැරිය අපයෝජනය කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පළමුවෙන් සැකපිට අත්අඩංගුවට ගත් 17 හැවිරිදි පාසල් සිසුවා සහ එක්දරු පියා ඞී.එන්.ඒ පරීක්ෂණයෙන් පසු නිදහස් කෙරුණා. කෙසේ වෙතත් 17 හැවිරිදි පාසල් සිසුවාට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් මේ වන විට මානව හිමිකම කොමිසමට පැමිණිලි ද ඉදිරිපත් වුණා. මේ අතර පොලිස්පතිවරයා විසින් මේ පිලිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.