ගම්පහ කොටදෙනියායේදී පස් හැවිරිදි සේයා සඳෙවුමි දැරිය පැහැරගෙන ගොස්
ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි ‘කොණ්ඩයා’
නොහොත් දුනේෂ් ප්‍රියෂාන්ත නිදොස් කර නිදහස් කිරීමට මිනුවන්ගොඩ
මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කර තිබේ.කොණ්ඩයාගේ සහෝදරයා වන සමන් ජයලත් තව දුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.
සේයාගේ සිරුරේ තිබූ ජාන කොටස් කොණ්ඩයාගේ ජාන හා නොගැලපුනු අතර ඔහගේ සහෝදරයාගේ ජාන හා ගැලපින.
කෙසේ වෙතත් සේයා ඝාතන චෝදනාවෙන් කොණ්ඩයා නිදහස් කළද ඔහුට එල්ල වී ඇති වෙනත් චෝදනා සම්බන්ධයෙන් යළි රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමටද අධිකරණය නියෝග කර ඇත.