Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

JHU කිපෙයි ,මාධ්‍යට දෙහි කපයි !(Video)

RATHANA_30_06_2015_lankanewsalert
මත්පෙති ජාවාරමේ නියැලි 4දෙනෙක් රිමාන්ඞ් ගත කර ඇති බවත්, එයට ජාතික හෙළ උරුමයේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ලේකම්වරයෙකු සම්බන්ධ බවට පලවූ මාධ්‍ය වාර්තා සියල්ල ප්‍රතික්ෂේප කරන බව ජාතික හෙළ උරුමය පවසයි.ඔවුන් මාධ්‍ය වෙත නිකුත් කල නිවේදනයක මේ බව සදහන්.
පහත දැක්වෙන්නේ එම නිවේදනයයි.

මත්පෙති ජාවාරමේ නියැලි 4දෙනෙක් රිමාන්ඞ් ගත කර ඇති බවත්, එයට ජාතික හෙළ උරුමයේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර පුජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ලේකම්වරයෙකු සම්බන්ධ බවට පසුගිය දින කිහිපයේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වලත්, සමාජ වෙබ් අඩවි වලත් ප‍්‍රවෘත්තියක් වාර්තා කර තිබුණි.
එම ප‍්‍රවෘත්තියේ සඳහන් ආකාරයට පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ සම්බන්ධීකරණ ලේකම් යැයි කියාගන්නා තැනැත්තා සදහම් සෙවන බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැත්වෙන වැඩසටහන්වලට සියදහස් ගණන් සහභාගි වන පිරිස් අතර එක් අයෙක් පමණක් වන අතර ඔහු කිසිසේත් පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ කාර්ය මණ්ඩලයේ හෝ එම ආයතනයේ නිලධාරියෙක් නොවන බව වගකීමෙන් යුතුව අවධාරණය කර සිටිමු. ඔහු ජාතික හෙළ උරුමයට හා එහි කාර්ය මණ්ඩලවලට කිසි සම්බන්ධයක් නැත. සදහම් සෙවන බෞද්ධ මධ්‍යස්ථානයට හා ජාතික හෙළ උරුමයේ වැඩසටහන් වලට සහභාගි වන පුද්ගලයින් පෞද්ගලිකව කරන කියන දෑ සම්බන්ධයෙන් වගකීම් භාරගත නොහැකි බව යථාර්තවාදීව තේරුම් ගතයුතුව ඇත.
මත්උවදුර පිටුදැකීමේ සටනේ නියමු කාර්යභාරයක් ඉටු කරන පූජ්‍ය අතුරලියේ රතන හිමියන් හා ජාතික හෙළ උරුමය ඉලක්ක කරගෙන උන්වහන්සේගේත් ජාතික හෙළ උරුමයේත් කීර්තිනාමය විනාශ කිරීමේ අභිමතාර්ථයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා ඔවුන් සමග සම්බන්ධකම් පවත්වන ඒ මත යැපෙන ඇතැම් දුෂිත නිලධාරින්ගේ උවමනාව මත චරිත ඝාතනය කිරීම අරමුණු කරගෙන කි‍්‍රයාවට නගන ලද පහත් පෙළේ දේශපාලන මෙහෙයුමක් බව අප ජනතාවට අවධාරණය කරමු. මත්පෙති හෝ මත්කුඩු ජාවාරමට සම්බන්ධ කවරෙකුට වුවද නීතිය කි‍්‍රයාත්මක කර දඩුවම් කළ යුතුය.
එවැනි නීතිය කි‍්‍රයාත්මක කිරීමකට අපගේ පූර්ණ සහය හිමිවනවා පමණක් නොව කිසිවිටෙකත් එවැන්නකට මැදිහත්වන්නේ හෝ බලපෑම් සිදුකරන්නේ නැති බව වගකීමෙන් අප ප‍්‍රකාශ කර සිටිමු. පවතින දේශපාලන වාතාරවරණය තුළ මෙවැනි කුමන්ත‍්‍රණකාරී මඩ ප‍්‍රහාර හා ප‍්‍රතිරූප විනාශ කිරීම සඳහා තවත් නින්දිත උත්සාහයන් දියත්විය හැකි බැවින් එවැනි ප‍්‍රවෘත්ති දෙස විචාරශීලි මනසින් අවධානය යොමු කරන ලෙස අප ජනතාවගෙන් ඉල්ලා සිටින අතර මෙවැනි සාවද්‍ය ප‍්‍රවෘත්ති අප පිළිකුලෙන් බැහැර කරන බවද ප‍්‍රකාශ කර සිටිමු.
ස්තුතියි
නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ
මාධ්‍ය ලේකම්
ජාතික හෙළ උරුමය
මේ අතර ඊයේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීද පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද කියා සිටියේ ,මත්පෙති ජාවාරමේ නියැලි සිටී එම තරුණයා තමන්ගේ කාර්යාලයේ වැඩ කරන සේවකයෙකු නොවන බවයි.නමුත් එම තරුණයා තම කාර්යාලයේ පරිඝණක වැඩ කටයුතු වලදී ඒවා අළුත්වැඩියා කටයුතු කිරීම සදහා විවිධ ආකාරයෙන් සහයෝගය ලබාදී ඇති බවද උන්වහන්සේ සදහන් කලා.
මේ සම්බන්ධයෙන් අදහස් පල කල පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වැඩිදුරටත් කියා සිටියේ තම කාර්‍යාලයේ මත්ද්‍රව්‍ය භාවිතා කරන ,ජවාරම් කරුවන් සිටියද ඒ සියළු දෙනා සම්බන්ධයෙන් තමාට වග කිව නොහැකි බවයි.
 පහත දැක්වෙන්නේ මේ සම්බන්ධයෙන් පසුගිය දිනවලදී වෙබ් අඩවි දැක්වූ කරුණු

(උපුටා ගැන්ම -ලංකා සි නිව්ස් වෙබ් අඩවිය )

Capture

- See more at: http://lankanewsalert.com/?p=37324#sthash.dQqM4ZfU.dpuf

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live