Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ජපානය විසින් අපූරු තිසර පටයක් නිපදවා තිබෙනවා. “ජපානයට පිළිගැනීමේ තිසර පට” ලෙස නම් කර ඇති මෙය සමඟ, ඊටම ගැලපෙන සායක් ද හඳුන්වා දුන්නා. මෙම තිසර පට, විශේෂාංග රැසකින් පොහොසත්.
පැළඳ සිටින කාන්තාවගේ හද ගැස්ම ග්‍රහණය කර ගැනීමේ හැකියාව ඇති සංවේදක, මෙම තිසර පට තුළ අන්තරගත කර තිබෙන නිසා, ඇය සිටින කායික මානසික තත්වය හඳුනාගෙන, ඊට ගැලපෙන උපදෙස් ලබා දීම මෙයින් සිදු කෙරෙනවා. මෙම උපදෙස් ජපන්, ඉංග්‍රීසි, චීන සහ කොරියන් භාෂාවන්ගෙන් ලබා ගැනීමට හැකි වීම ද විශේෂයක්. තව ද ඇවිදීමේදී සහ ව්‍යායාම කිරීමේදී කොතරම් කැලරි ප්‍රමාණයක් දහනය වූවා ද ආදී වූ තොරතුරු ද මෙයින් ලබා දෙනවා. එමෙන්ම, පැළඳ සිටින කාන්තාව දිරිමත් වන ආකාරයේ උපදේශයන් ද මෙයින් ලබාගත හැකියි.
තිසර පට හා සමගාමීව හඳුන්වා දුන් සාය ද සුවිශේෂී එකක් වන්නේ, සායෙහි යටි පැත්තේ ජපන් සිතියම මුද්‍රණය කර තිබීම නිසා යි. මෙම සිතියම මත, ජපානයේ විශේෂ ස්ථාන, විවිධ හැඩතලයන්ගෙන් සළකුණු කර තිබෙනවා. ස්මාර්ට් ජංගම දුරකථනයක් හා සබඳතාවය ද පවත්වා ගත හැකි මේ අපූරු තිසර පටය හඳුන්වා දුන්නේ, පසුගිය දා ජපානයේ ටෝකියෝ නුවරපැවැත්වුණු ඇඟලුම් ප්‍රදර්ශනයක දී.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live