Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

පොරවකින් සිදුවූ පහරදීමකින් බරපතල තුවාල ලබා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහෝදරයෙකු වන ප්‍රියන්ත සිරිසේන අද (28) අලූයම මිය ගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කළේ අලූයම 3.50ට පමණ ඔහු මිය ගිය බවයි. පොළොන්නරුව - ඇතුමල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි ජනාධිපතිවරයාගේ සොහොයුරු ප්‍රියන්ත සිරිසේන මිය යන විට වයස අවුරුදු 40ක්.


ප්‍රියන්ත සිරිසේනට පොරවකින් පහර දී තිබුණේ 34 හැවිරිදි හපුතන්ත්‍රිගේ ඉෂාන් ලක්මාල් නමැති පුද්ගලයෙක්. පෙරේදා රාත්‍රියේ පෞද්ගලික ආරවුලක් මත ඇති වූ ගැටුමක් දුරදිග යාමෙනුයි මෙය සිදුව තිබුණේ. අනතුරුව පොළොන්නරුව මහරෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ ප්‍රියන්ත සිරිසේන පසුව ගුවන් මගින් කොළඹට ගෙන ඒමට කටයුතු කළා.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live