Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

රටම ආවරණය වන අන්දමින් නොමිලේ අන්තර්ජාල පහසුකම් සැපයීමේ වැඩසටහන යටතේ ‘වයි ෆයි‘ කලාප කිහිපයක් ලබන සතියේ සඳුදා සිට ආරම්භ කිරීමට සුදානම් බව තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ වැඩසටහන් කළමණාකරු ගවස්කාර් සුබ්‍රමනීයම් මහතා හිරු ප්‍රවෘත්ති අංශයට පැවසීය.

තවද ලබන සඳුදා මෙහි සමාරම්භක නිල උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විමට නියමිත බවත් සුබ්‍රමනීයම් මහතා පැවසු අතර එම උත්සවයට සමගාමීව ‘වයි ෆයි‘ කලාප 26ක් ඇරැඹිමට සුදානම් බව ඒ මහතා පැවසුවාය. 


මුලික අදියරේ නොමිලේ ‘වයි ෆයි‘ ලබා දෙන ප්‍රදේශ මෙලෙසය..තවද මෙම ප්‍රදේශ වල දුම්රිය ස්ථානයන්,බස් නැවතුම්පළවල්,රෝහල්,මහජන පුස්තකාල, ගුවන් තොටුපල, සහ සෙනඟ වැඩිපුර ගැවසෙන ස්ථානයන් වල නොමිලේ ‘වයි ෆයි‘ ලබා ගත හැකිය.

කොළඹ කොටුව 
පොළොන්නරුව 
මාතර 
යාපනය 
නුවර 
ගාල්ල
පේරාදෙණිය 
කටුනායක 
රත්නපුර 
දෙහිවල 
නුවර දළදා මාලිගාව 
මිරිදිවල 
බත්තරමුල්ල 


Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live