Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

නුගේගොඩ නගරයේ ඊයේ පැවති රැළියට සහභාගි වූ සිය පක්ෂයේ නියෝජිතයින් සම්බන්ධයෙන් විනය කි‍්‍රයාමාර්ග ගැනීමක් සිදුනොකරන බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රම්ජයන්ත මහතා පවසනවා.

මහින්ද රාජපක්ෂ මහතා අග‍්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස ගෙන ඒමේ අරමුණින් පැවති එම රැළියට පක්ෂයක් ලෙස තමන් සහභාගි නොවීමට තීරණය කර තිබූ බවයි සුසිල් පේ‍්‍රම්ජයන්ත මහතා පැවසුවේ. එහෙත් එම අවස්ථාවට පැමිණ සිටියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්දය ලබාදුන් ජනතාව බවද සුසිල් පේ‍්‍රම්ජයන්ත මහතා පෙන්වා දුන්නා. එබැවින් පෞද්ගලිකව එම අවස්ථාව නියෝජනය කළ පිරිසට විනය කි‍්‍රයාමාර්ග ගැනීමක් සිදුනොවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා. නව ජාතික සංවිධායකවරයා ලෙස පත්වීමෙන් පසු අද නව ධුරයේ වැඩකටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා. 


මේ අතර නිල් බළකාය විසුරුවාහැර ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තා අසත්‍ය බවද සුසිල් පේ‍්‍රම්ජයන්ත මහතා මෙහිදී ප‍්‍රකාශ කළා. සිදුව ඇත්තේ නිල් බලකායේ නම තරුණ පෙරමුණ ලෙස පරිවර්ථනය කිරීම පමණක් බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.  

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live