Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

තරුණයන්ට පමණක් සිමාවුවක් ලෙස සැලකීම.
ස්වයං වින්දනයේ යෙදෙන තරුණියන් ලිංගික
සහකරුවන් එක් අයකුට වඩා අසුරුකිරීමට අනිර්වාර්යෙන් පෙළබිම.
මාසික ඔසප් චක්‍රයේ වෙනස්වීම්වලට හා අක්‍රමවත් වීම් වලට හේතු වීම.
ලිංගිකව අසාදනය වියහැකි රෝගවලට බදුන් වීම.
ස්වයං වින්දනයේ යෙදීම නිසා පසුව ලිංගික එක්වීමේදී තෘප්තියක් නොදනිම.
මෙහි දිගුකාලීනව යේදීමෙන් අන්ධ භාවය, පිළිලකාරී තත්වයන් හා මානසික අබාධ ඇතිවියහැකි බව.
ලිංගිකව එකතුවන පුද්ගලයන් ස්වයං වින්දනයේ නොයෙදිය යුතු බව.
ශාරිරික වශයෙන් දුර්වලවීම හා ශරීරය ක්ෂය (සිහින්) වීමට ලක්විය හැකි බව.
ස්වයංවින්දනයේ පිලිබදව ඇතිවිය හැකි ගැටලුකාරී තත්වයන්.

1. ස්වයං වින්දනය සිරුරට අහිතකරද?
දැඩි පීඩනයක් යේදීම, බාහිරින් වෙනත් උපකරණ වැනි ආදිය ඇතුල් කිරීම වැනි හේතුන් නිසා තුවාලවීම් ආදිය ඇතිවිය හැකි නමුත්, මෙයින් ඔබ්බට ගිය ශාරීරික ගැටලු ස්වයං වින්දනය නිසා ඇතිවන බවට සාධක නොමැත.
2. ස්වයං වින්දනයෙන් පසුව ඒ පිළිබධව පසුතැවීමට ලක්වන්නේ ඇයි?
ආගමික හා සමාජීය වශයෙන් මේ පිළිබධව වන මිත්‍යා විශ්වාස මේ සදහා හේතුවේ. සෞක්‍ය පිළිබධව දැනුවත් පුද්ගලයෙක් හෝ වෛද්‍යවරයෙක් සමග සාකච්චා කිරීමෙන් මෙය වලක්වාගත හැක.
3. ස්වයං වින්දනය සදහා ලිංගික උත්දීපනය ඇතිකරවන වීඩියෝ, පත්තර, පිංතුර හා වෙනත් උපකරණ (vibrators, dildos) භාවිතය අසාමාන්‍ය තත්වයක්ද?
මෙය අසාමාන්‍ය තත්වයක් නොවන අතර සාමාන්‍ය තත්වයෙන් මදක් ඔබ්බට ගිය තත්වයකි. ඇබ්බැහිවිමකින් තොරව මේවා භාවිතා කරන්නේනම් එය අහිතකර නොවේ.
4. තරුණ අවධියට පත්ව ඇති වුවද ස්වයං වින්දනය සදහා යොමුවීමක් නොමැතිවම හෝ එයින් තෘප්තියක් නොලැබීම ලිංගික බෙලහිනතාවයක්ද?
කිසිසේත්ම නැත, එය පුද්ගලික රුචිය මත පදනම් වුවක් පමණි. ඒ සදහා ආශාවක් නොමැතිවීම අසාමාන්‍ය තත්වයක් නොවේ.
ස්වයං වින්දනය සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකුගේ උපදෙස් පැතීමට සිදුවන අවස්ථා.

එදිනදා ජිවිතයට හා ක්‍රියාකාරකම්වලට බාධාවක් වන තරමට මේ සදහා යොමුවී තිබීම.
අන්තර්ජාලය ආශ්‍රිත ලිංගික දර්ශන/වීඩියෝ ආදියේ පෙන්වන්නාවූ සිද්ධීන්, හැසිරීම් රටා, ලිංගිකව එක්වන ආකාරය (actual positions) ආදිය සාමාන්‍ය ස්වභාවික ක්‍රම වලට වඩා වෙනස් අසාමාන්‍ය ඒවා විය හැකි බැවින් ඒවා අත්හදා බැලීමට තැත්කිරීම හේතුවෙන් ලිංගික ජිවිතයේ ගැටලුකාරී තත්වයන්ට මුහුණපා සිටීම.
පෞද්ගලිකත්වය සුරකෙන පරිදි ස්වයං වින්දනයේ යෙදීමට වඩා පොදු ස්ථානවල මේ සදහා යොමුවීම අසමාන්‍ය තත්වයක් ලෙස සැලකිය හැක.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live