පසුගිය දිනවලදී මහින්ද රාජපක්ෂයේ ජය වෙනුවෙන් සංවිධානය කෙරුණු අනුරාධපුර රැළියේ කටයුතු සජීවී විකාශනය කිරීමට ස්වාධීන රූපවාහිනිය කටයුතු කර තිබේ. මේ සම්බන්ධයෙන් කැෆේ සංවිධානය මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබේ.
අදාළ විකාශනය මුදල් ගෙවා සිදු කරන ප්‍රචාරයක් යැයි තිරයේ සදහන් කළ ද මුදල් ගෙවීම සිදු කළ බවට කිසිදු සදහනක් සැපයීමට අදාළ රාජ්‍ය මාධ්‍ය
ආයතන අපොහොසත්වී ඇති බවද කැෆේ සංවිධානය සදහන් කලා.මෙම විකාශනය හරහා මැතිවරණ කොමසාරිස්වරයා විසින් නිකුත් කොට ඇති ජනමාධ්‍ය උපමාන උල්ලංඝණය වන අතර නාම යෝජනා දිනයේ දී කොමසාරිස්වරයා අපේක්ෂකයින්ගෙන් සිදු කළ ඉල්ලීම ද මේ අනුව ප්‍රතික්ෂේප වනවා.
ආණ්ඩුවට රෙදි නැතුව කඩේ යන ජාතික රූපවාහිණියත් ,ස්වාධින රූපවාහිණියත් සම්බන්ධයෙන් කිසිදු කරුණක් අමුතුවෙන් ප්‍රකාශ කල යුතු නැත.වැඩසටහන් මාලාවක් දිය කර හරිමින් මැතිවරණ නිති පවා බරපතල ලෙස උල්ලංඝනය කරමින් විකාශය වන මෙම වැඩසටහන් වලට එරෙහිව නිතීය ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා පවා කටයුතු කරනු ලබන්නේ ඔහුද පඹයකු බව පෙන්වීමටයි.
මැතිවරණ කාල වකවානුව පූරාවට විවිධ සංවර්ධන ව්‍යාපෘති පෙන්වමින් ජනතාව මුළා කිරීමට කටයුතු කරනු ලබන මේ රජයේ මාධ්‍ය ආයතන සෙසු මාධ්‍ය ආයතන වලටද මේ සිදු කරන්නේ අපහාසයකි.මුදල් ගෙවා ප්‍රචාරය කරන බවට තිරයේ දිස් වුණත් මෙවැනි වැඩසටහන් ප්‍රචාරයට රාජපක්ෂලා මුදල් යොදවා ගන්නේ තම සාක්කුවලටමයි.කණගාටුවට කරුණ වන්නේ රාජපක්ෂලාගේ නිල නිවෙස් වන ජාතික රූපවාහියත් ,ස්වාධින රූපවාහිනියත් මුදල් නිසා මේ තරම් පහත් තත්වයට ඇද වැටීමයි.මාධ්‍ය වෘත්තියේ පවා වටිනාකම නැති කරමින් රාජපක්ෂගේ ඉදුල් හෝදන මෙවැනි නාලිකාවලට එරෙහිව මැතිවරණ කොමසාරිස්වරයා නිතීය ක්‍රියාත්මක නොකරනේ වෙන කිසිවක් නිසා නොව ඔහුද රාජපක්ෂගේ ඉදුල් කන්නෙක් බවට පත්වී ඇති නිසායි.