කුවේට් රාජ්‍යයේ විවිධ රැකියා වල නියුතුව ජීවත්වන ශ්‍රී ලංකිකයන්ගේ සහාහය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිමිවන බවත් එසේ සහාය පලකිරීමට කුවේටයෙන් පමණක් ශ්‍රී ලාංකියයෝ එක්ලක්ෂ තිස් දහසක පමණ ප්‍රමාණයක් ජනවාරි 7වැනිදාට පෙර ලංකාවට පැමිණෙන බව කුවේට්හි ශ්‍රී ලාංකිකය සම්මේලනය පවසයි.
ජාති ආගම් භේදයකින් තොරව ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමට අනෙකුත් විදේශීය රටවල ජීවත්වන ශ්‍රී ලාංකිකයෝද තමන් සමග අත්වැල් බැදගැනීමට මේවන විටත් සූදානම් වී ඇති බවද එම සම්මේලනය තව දුරටත් ප්‍රකාශ කරයි.
විදේශීය රට වල ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ට යුද්ධය පැවති සමයේදී කුඩම්මාගේ සැළකිළි හිමි වූ බවත් මේ වන විට එම තත්වය පහව ගොස් ශ්‍රී ලාංකිකයන්ට යම් ස්වාධීන බවක් ලැබී ඇති බවත් එසේ සිදුවීමට මූලිකම හේතුව වූයේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය බවත් එම සංවිධානයේ මතය විය.
මෙම කරුණු අනාවරණය වූයේ දෙසැම්බර් 15 දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී කුවේට්හි ශ්‍රී ලාංකිකයෝ සම්මේලනය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදීය. කුවේට්හි පදිංචි විවිධ ව්‍යාපාරිකයන්ගෙන් සහ විවිධ සංවිධානවල නියෝජිතයන්ගෙන් මෙම සංවිධානය සංවිධානගත ඇති අතර, එම සංවිධානය නියෝජනය කරමින් සුමිත් දිසානායක, සුමිත් කහඳවල, නසීම් දීම්, දේවගැති ශිවා ඩැනියෙල් සහ චන්ද්‍රා රත්නවීර ඇතුළු මහත්ම මහත්මීන් කිහිප දෙනෙක්ම මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්වී සිටියහ.
එම සම්මේලනය නියෝජනය කරමින් පැමිණි සුමිත් කහඳවල මහතා කියා සිටියේ, අවුරුදු තිහක් තිස්සේ ශ්‍රී ලංකාවේ දරුණු යුද්ධයක් තිබූ බවත් එම යුද්ධය පැවති සමයේදී රට පාලනය කළ පාලකයින් දැන් මෛත්‍රී වටේ එකතුවී ඇති බවත් එම ක්‍රියා කලාපය තමන් අතුළු විදේශීය රට වල ජීවත් වන ශ්‍රී ලාංකිකයෝ බහුතරයක් හෙළා දකින බවත්ය. “යුද්ධයෙන් පස්සෙ ශ්‍රි ලාංකිකයෝ වශයෙන් අපිට කථා කිරීමේ නිදහසක් ලැබුණා. අපි විදේශීය රටවල ජීවත් වුනත් අපිට කියලා රටක් තියෙන්න ඕනෙ. යුද්ධයෙන් පස්සෙ ශ්‍රී ලංකා කොඩිය හැම තැනම ළෙල දෙන්න පටන් ගත්තා. විශේෂයෙන් කියන්න ඕනෙ මෛත්‍රී ඇතුළු විපක්ෂයට විදේශීය බලවේග වල බලපෑම් තියෙනවා. අපේ කිසිදු සහයක් ඒ දේවල් වලට නෑ.” යනුවෙන් ඒ මහතා වැඩි දුරටත් තම සංවිධානයේ මතය ප්‍රකාශ කර සිටියේය.
එම සංවිධානයේ නියෝජිත සුමිත් දිසානායන මහතා තම කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ විදේශීය රටවල ලක්ෂ පහක පමණ ප්‍රමාණයක් විදේශීය රටවල ජීවත්වන බවත්, රණවිරුවන් සේම රට විරුවන් ගැනත් සිතූ මහින්ද රාජපක්ෂ මහතාට ඒ හැම කෙනෙකුගේම සහය හිමිවන බවත්ය. යුරෝපීය රටවලින් ආරම්භ වූ ඩයස්පෝරාව මේ වන විට මැදපෙරදිග රටවල් කරාද පැතිරී ඇති බවත්,ඩයස්පෝරාව ක්‍රියාත්ක වීමට සංවිධානයක් විදියට තමන් ඇතුළු සියලු දෙනා කිසිසේත් ඉඩ නොදෙන බවත් එම මහතා තවදුරටත් ප්‍රකාශ කර සිටියේය.
“මේ වන විට ඇමරිකාව සහ මහා බ්‍රිතාන්‍යයේ තානාපතිවරුන් මෛත්‍රී ඇතුළු පොදු විපක්ෂයම පාලනය කරනවා. බැරිවෙලාවත් මෛත්‍රී පාලනයට ආවොත් මුළු ශ්‍රී ලංකාවටම වෙන්නෙ විදේශික බලවේග වලට යටවෙන්නයි.” යනුවෙන් ඔවුහු වැඩිදුරටත් ප්‍රකාශ කළහ.