Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.



රනිල් ලොක්කට හොඳටම ආතල් ....පිනා චාන්ස් ක්‍රමේට අගමැති වෙන්න හදන බව වයඹ ප්‍රධාන අමාත්‍ය නීතීඥ දයාසිරි ජයසේකර පවසයි.පසුගිය 11 දින රඹුක්කන ආසනයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම බල මණ්ඩලයට සහභාගී ප්‍රධාන අමාත්‍යවරයා සදහා කළේ රනිල් ටී බෝයි වෙලා ඉන්න ඇගේ වෛරය චිත්‍රපටයේ චන්ද්‍රිකා රඟපාන බවයි.
"චන්ද්‍රිකා තමයි 1992 වෙනකොට තමන්ගේ තාත්තා හදපු පක්ෂය දෙකට කැඩුවේ.තමන්ගේ අම්මා පාලනය කරද්දි තමයි ටී.බී. ඉලංගරත්න මහත්තයලා,මෛත්‍රීපාල සේනානායක මහත්තයලව එක්කගෙන ගිහින් මහජන පක්ෂය හදාගත්තේ.තමන්ගේ අම්මයි තාත්තයි ගොඩනගපු පක්ෂෙට කවුද එහෙම කරන්නේ.අනුර බණ්ඩාරනායකට පක්ෂ නායකකම දෙයි කියලා බය වුණා හොඳටම.ශ්‍රී ලංකා නිදහස්
පක්ෂෙකට ජනාධිපති අපේක්ෂකම දාන්න වෙන කෙනෙක් හිටියේ නැහැ.ඉතින් චන්ද්‍රිකාව ගෙනත් දිනෙව්වා.අවුරුදු 10 ක් කරලත් මදිද ? ඇති කියලා පාඩුවේ හිටපන්කෝ.ඉන්න බැහැ.දැන් දෙවෙනි වතාවටත් පක්ෂය කඩලා අම්මයි තාත්තයි හදපු පක්ෂය දෙවෙනි වතාවටත් කඩලා UNP එක බලයට ගේන්න දඟලනවා.මෙතන වෙන මොකුත් නෙවෙයි තියෙන්නේ.වෛරයක් තියෙන්නේ.මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති වුණා එක ඉවසගන්න බැරි වෛරයක්.අපිට කියන්න තියෙන්නේ ඇගේ වෛරය - 2 කියලා තමයි.රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි ටී බෝයි වෙලා ඉන්නේ. "
"එම අවස්ථාවේ දී සභාව අමතමින් අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ 2005 අවුරුද්ද ඉවර වෙන්න කලින් කෝටි ගණන් දීලා ගෙනාවේ මොනාද ? පුස්වෙඩි ගෙනත් තිබුණේ.ඉරානෙන් ට්‍රක් රථ ගෙනාවා.B.C. පෙරේරා මහත්තයා තමයි ටෙන්ඩර් කමිටුවේ ලේකම් වෙලා හිටියේ.එතුමා බැරිම තැන කීවා මම මේකෙන් අයින් වෙනවා කියලා.ලොකොමෝටිව් එන්ජින් ගෙනත් ගහපු ගැහිල්ල කවුරුත් දන්නවා.අද කතා කරනවා යුද්දෙන් 75 % ක් ඉවර කරාලු.මෙහෙම තමයි යුද්ධ කරේ.යුද්දේ අස්සේ සුද්දෙ තමයි කරේ.අද කියනවා යුද්දේ ඉවර කරන්න තිබුණලු එයාටත්.ඉතින් කරන්න තිබ්බනේ.මමයි S.B. දිසානායක මහත්තයයි ගිහින් චන්ද්‍රිකා ට කිව්වා සරත් ෆොන්සේකා මහත්තයාව හමුදාපති කරමු කියලා.ඔය මිනිහා භයානක මිනිහෙක්.ඒ නිසා ගේන්න එපා කියලා ප්‍රතික්ෂේප කළා.චන්ද්‍රිකාගේ කාලේ තමයි Shell Gas, Sri Lankan Air Lines වගේ ලාභ ලබන ආයතන 49 ක් විකුණුවේ.අපි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 94 බලයට ගේන්න කැපකිරීම් කරපු අය.ඒ ඉතිහාසය අපි හොඳට දන්නවා."
"විධායක ජනාධිපතිකම කවුරුත් හිතන විදියට ඉවත් කරන්න බැහැ.පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් අරගෙන ජනමත විචාරණයක් තියන්න ඕනෑ.ජනාධිපතිතුමා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරලා තියෙන්නේ මේ පිළිබඳව.එහෙම තියෙද්දිත් UNP එකයි TNA එකයි ඒකට සහභාගී වුණේ නැහැ.හැබැයි එළියට ගිහින් බොරුවට කෑ ගහනවා." "සජිත් කියනවා මෛත්‍රී ජනාධිපති වුණාම පැය 24 න් ලොක්කට බඩු ඕනැලු.සිරිසඟබෝ ක්‍රමයට ආවා.බෙල්ල කැපුවා.රනිල්ට දුන්නා.චම්පික කියනවා බලතල යම්කිසි මට්ටමකට අඩු කරන්න ඕනැලු.එතන වෙනම ගිවිසුමක්.සරත් ෆොන්සේකා මහත්තයා කියනවා යම්කිසි මට්ටමකට අඩු කරන්න ඕනැලු.හෙළ උරුමය කියනවා බාගයක් අඩු කරන්න ඕනැලු.දැන් කාගේ ක්‍රමේද හරි ? මෛත්‍රිපාල මහත්තයා දැන් කියන්නේ අමුතුම කතාවක්.ආරක්ෂක ඇමති කමයි සේනා විධායක කමයි එයා තියාගන්නවලු.බම්බුව තමයි.එතුමාගේ වචන වලින්ම කියන්න තියෙන්නේ." රනිල් ලොක්කට හොඳටම ආතල්.පිනා චාන්ස් ක්‍රමේට අගමැති වෙන්න හදන්නේ.ඇමරිකාවට යුරෝපෙට ඕනෑ විදියට පෙන්දෙක් පත් කරගන්න හදන ක්‍රමය තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ.මෛත්‍රී පාලනයක් කියලා මේ එන්නේ ඒක.අද ආණ්ඩුවේ මන්ත්‍රීවරු ඩොලර් කොළවලට බාගන්න හදන වැඩපිළිවෙල තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ.මේක රටේ ඉරණම,අපේ දරුවන්ගේ අනාගතය තීරණය කරන මැතිවරණය.විදේශ බලවේගවලට ඇත පොවන්න හදන මේ බලවේගය අපි නවත්වන්න ඕනෑ.ජනාධිපතිතුමා ඇරෙන්න වෙන විකල්ප නැහැ අපිට.ඒ නිසා අපි ජනාධිපතුමා වටා එකතුවෙලා සත්‍ය තේරුම් අරගෙන එතුමාව ජයග්‍රහණය කරවන්න වැඩ කරමු.
DSC_0183DSC_0229




Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live