Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.


ඊයේ (09) විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීම සඳහා එක්වූ බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය එසේ විපක්ෂයට එක්වන බවට ආරංචිය සැලවීමත් සමග ජනාධිපතිවරයා විසින් කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනෙක් ඇයගේ නිවස වෙත එවා තිබේ.
එසේ පැමිණි නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනා හිරුණිකාව වටකරගෙන පවසා ඇත්තේ ඇයට
නිවසින් පිටතට යෑමට ඉඩ නොදෙන ලෙසට ඉහළින් නියෝගයක් ලැබී ඇති බවයි. එයින් අන්දමන්ද වී ඇති හිරුණිකා ඔවුන්ට පවසා ඇත්තේ තමන්ට අත්‍යවශ්‍යම කාරණයක් සඳහා නිවසින් පිටතට යා යුතු බවයි. එවිට නියෝජ්‍ය පොලිස්පතිවරුන් විමසා ඇත්තේ පිටතට යන කාරණය කුමක්ද යන්නයි. හිරුණිකා පවසා ඇත්තේ මිතුරියකගේ විවාහ මංගල්‍යයක් සඳහා සාක්ෂි අත්සන් කිරීමට පිටතට යන බවයි.
හිරුණිකා හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතර සංවාදය පවතිද්දී හිටපු ජනාධිපතිනිය දිගින් දිගටම ඇගේ ජංගම දුරකතනයට අමතා තිබේ. එසේ දිගින් දිගටම අමතන්නේ කවුදැයි නියෝජ්‍ය පොලිස්පතිවරුන් විමසා ඇති අතර හිරුණිකා පවසා තිබෙන්නේ විවාහ උත්සවය පැවැත්වෙන ගෙදරින් නැකැත් වෙලාව ළඟ නිසා දිගටම ඇමතුම් එන බවයි. මෝඩ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනා ඇගේ කතාව විශ්වාස කොට ඇත. ඔවුන් එහාට මෙහාට වෙනතුරු සිට චන්ද්‍රිකා අමතා ඇති හිරුණිකා ඇයට ඇති වී ඇති තත්වය විස්තර කොට තිබේ. නමුත් ඇය හිටපු ජනාධිපතිනියට පවසා ඇත්තේ ‘මැඩම් බය වෙන්ඩ එපා. මම ජනේලෙන් පැනල හරි එනව කිව්වොත් එනවා. මුන් තුන්දෙනා මගේ ලනුව කාල ඉන්නෙ. තව ටිකකින් යයි. ගිය ගමන් මම ටක් ගාල එනවා' කියාය.
හිරුණිකා මෙසේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දැක්වීමට තීරණය කර තිබෙන්නේ සිය පියා ආණ්ඩුවේ දුමින්ද ඇතුළු මැරයන් කුරිරු ලෙස ඝාතනය කළ පසු භාරත ප්‍රේමචන්ද්‍ර ගේ පවුලේ උදවියට විශාල අනුග්‍රහයක් සපයමින් ඔවුන් වෙනුවෙන් නොබියව පෙනී සිටියේ මෛත්‍රීපාල සිරිසේන සහ රාජිත සේනාරත්න මහත්වරුන් වන බැවිනි.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live