(තෙවන සංස්කරණය) එක්සත් ජනතා නිදහස් සන්ධාන පළාත් සභා මන්ත්‍රී හිරුණිකා පේමචන්ද්‍ර මෙනවිය විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දෙමින් ආණ්ඩුවෙන් ඉවත් වී ඇත.
මේ වනවිට ඒ පිළිබඳව දැනුවත් කෙරෙන ප්‍රවෘත්ති සාකච්ඡාව විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වෙමින් තිබේ. එම ප්‍රවෘත්ති සාකච්ඡාවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, රෝසි සේනානායක හා චන්ද්‍රාණි බණ්ඩාර යන මන්ත්‍රීවරයින් සම්බන්ධ වී සිටී.
"මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පොදු අපේක්ෂකයා විදියට එනවා කියා දැනගත් දාම මං රාජිත සේනාරත්න මහත්තයට කතා කර ඇහුවා මං කවදද එන්න ඕනෑ කියලා. ඔහු කිව්වා හිතෙන දවසක එන්න කියලා. සමහරුන් යන්න කියද්දි තව පිරික් කිව්වා යන්න එපා කියලා. මා මෙතනට ආවේ කිසිම වාසියකට නොවෙයි. දීර්ඝව කල්පනා කරලයි මේ තීරණය ගත්තේ.
මගේ පියා මේ පක්ෂෙට බොහෝ වැඩ කළා. සතෙකුටවත් අත් නොවිය යුතු ඉරණමක් ඔහුට අත් වුණා. කුරුරි ලෙස මහ මඟ ඝාතනය කළා. ඔහුගේ මරණය සම්බන්ධයෙන් විපක්ෂය කතා කළත් ආණ්ඩුව ඇතුළේ ඉතා සුළු පිරිසක් තමයි කතා කළේය. ඒ අතරේ මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රාජිත සේනාරත්න මහතාත් හිටියා. මගේ පියා වෙනුවෙන් කතා කරද්දී මෛත්‍රීපාල සිරිසේන මහත්තයට සමහරුන් කතා කරලා බැනලා තිබුණා. ඒත් පහුවදාත් ඔහු මට කතා කර කිව්වා දුවේ මට එන්න කියලා බැන්නා, ඒත් දුවත් එක්ක අපි ඉන්නවා කියා කියලා.
මට විපක්ෂෙන් කිසිම කෙනෙකු කතා කළේ නැහැ. රෝසි සේනානායක මහත්මියට මීට පෙර කතා කළාම ඇය කිව්වේ මගේ පදනම තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිසා එතැන ඉඳන් තාත්තා වෙනුවෙන් සටන් කරන්න කියලයි.
ජනාධිපතිතුමාත් සහභාගී වෙන ගෙවල් බෙදා දීමේ උත්සවයක් පසුගියදවසක තිබුණා. අපිවත් පරීක්ෂා කරලයි එතනට ගන්නේ. නමුත් මගේ පියා මරා දැමීමට සම්බන්ධ පුද්ගලයකු මටත් රවාගෙන තවත් 40ක් විතර එක්ක එතනට ආවා. මං ඒවෙලාවෙ පොලිස් නිලධාරියකුට කතා කරලා ඇහුවාම කිව්වා ඔහුට එහෙම එන්න බැහැ කියලා.
ජනාධිපති උපදේශක කෙනෙක් විදියට හිටපු මගේ තාත්තාට මේවගේ ඉරණමක් අත් වුණා නම් අහිංසක ජනතාවට කොහොමවෙයිද? තාත්තා ඝාතනය කරලා අවුරුදු තුනක්. නමුත් තවම කිසිවෙකුට හරි දඬුවමක් දීලා නැහැ. මේ පක්ෂයේ තව කල කිරුණු බොහෝ දෙනකු ඉන්නවා. පක්ෂයේ ප්‍රබල චරිතයකට කියා තිබුණා ඔයා ගියාට කමක් නැහැ, ඔයාට ඡන්ද පදනමක් නැහැ කියලා. පක්ෂෙන් යන අය තියා ගන්න කිසිම වැඩ පිළිවෙළක් නැහැ.
මෛත්‍රීපාල සිරිසේන මහතා දිනවන්න හෙට ඉඳන් උපරිම ආකාරයට වැඩ කටයුතු කරනවා. මගෙන් බොහෝ දෙනකු ඇහුවා විපක්ෂයට යනවද කියලා. මාධ්‍ය සගයනුත් ඇහුවා. මං ඒ හැමෝටම කිව්වේ යන්නේ නැහැ කියලයි. මට එහෙම කියන්න වුණේ ආරක්ෂක හේතුන් නිසයි.
මාධ්‍යවේදීන් ප්‍රශ්න නගමින්
ප්‍රශ්නය:- ඔබ ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වුණාද?
හිරුණිකා - අස් වුණේ නැහැ. හෙට අස් කරයි.
ප්‍රශ්නය:- ශ්‍රීලනිපයෙන් යනවද?
හිරුණිකා - නැහැ මං ශ්‍රීලනිපයේ ඉඳගෙනමයි මේ සටන කරන්නේ. හිටපු ජනපතිනිය, මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු අපි සියලු දෙනා ශ්‍රීලනිපයේ ඉදගෙනයි මේ සටන කරන්නේ."