ශ්‍රී ලාංකික වෛද්‍යවරියක් විසින් ලෝකයේ මුල් වතාවට ආශ්වාසය මගින් ශරීරගත කළ හැකි එන්නතක් නිපදවා තිබේ.
මෙම හපන්කම කර ඇත්තේ ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය අනුෂි රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුත් වෛද්‍ය කණ්ඩායමක් විසිනි.
ඇය පවසන්නේ එන්නත් කටුවක් සහිත සිරින්ජරයක් භාවිත කිරීමකින් තොරවල මෙම එන්නත ආශ්වාස කිරීම මගින් සෘජුවම ශ්වාසනාල හරහා ශරීර ගත කළ හැකි බවයි.
ඇතැමුන් සිරින්ජරයට බිය වන බැවින් මෙම එන්නත සොයා ගැනීම නිසා වැඩි පිරිසක් ප්‍රතිශක්තිකරණය සඳහා යොමු කරවා ගැනීමට හැකි වනු ඇති බවට ඇය විශ්වාසය පල කරයි.
මෙමගින් අනාගතයේදී තමන්ටම ප්‍රතිශක්තිකරණ වෛද්‍යවරයෙකු ළඟට නොගොස් ලබා ගැනීමට හැකි වනු ඇති බවටද ඇය පවසයි.