එජාප පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක මහතා විසින් දෙරණ ‘වාදපිටිය’ වැඩසටහනට කටහඬ වෙනස් කර කතා කරමින් තමනට අපහාස කලේ යයි ඔහුගෙන් රුපියල් මිලියන 500 ක් ඉල්ලා නඩු දමන බව ක්රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
තමා එම වැඩසටහනට සහභාගි වී සිටියදී රාමනායක මහතා ඔහුගේම ජංගම දුරකථනයෙන් කටහඬ වෙනස් කරමින් තමාට අපහාස වන ආකාරයට කතා කළ බව දැනටමත් හෙලි වී ඇති බවද ඔහු සඳහන් කරයි.