ත්රි රෝද රථයක්, රථවාහන පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු විසින් නැවත්වීමට සන් කළත් මදක් දුර ගොස් නැවත්වීම හේතුවෙන් තිරෝද රථයක ගමන් ගත පිරිස හා රථවාහන පොලසියේ නිලධාරීන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් වීඩියෝ පටයක් මේ වන විට අන්තර්ජාලයේ පලවී ඇති අතර මෙහිදී එම ත්රිරෝද රථයේ ගමන් ගත අයෙක් සමග රථවාහන පොලසියේ නිලධාරියෙක් අතර වචන හුවමාරුවේදී අසැබි වචනයෙන් පොලිස් නිලධාරියා විසින් එම පුද්ගලයාට ප්රකාශ කරන අයුරු මෙහි සදහන් වනවා.
අන්තර්ජාලයට එක් කර තිබුනේ අදාල පොලසි නිලධාරීන් ඉංගිරිය පොලසියේ බව සදහන් කරමින්. අදාල නිලධාරීන් සම්බන්ධව ක්රියා කිරීමට ඉහල නිලධාරීන්ගේ වගකීමක් වනවා.