Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

අකලංක ගනේගමගේ ජීවිතයේ සුවිශේෂ සිදුවීම් ඔහු හැමදාම අපි සමග බෙදා හදා ගත්තා. මීට මාස කිහිපයකට කලින් අකංලක විවාහ වුණා. ඒ සුබාරංචිය රසික ජනතාවට දැන්වූ මොහොතේ අපි තවත් ආරංචියක් ඔබට දැන්වූවා.
මගේ බිරිඳ ඉන්නේ පැරිස් නුවර. දවසක මට ලංකාව හැරලා එයා ළගට යන්න සිදුවේවි..
එදා අකලංක පැවසූ බව හිතවතුන්ට මතක ඇති. අද මේ සූදානම් වෙන්නේ අකලංකට ආදරය කරන රසික පිරිසට ඔහු ගැන තවත් අලූත් ආරංචියක් කියන්න. ඒක අකලංකගේ රසික පිරිසට ටිකක්
කනගාටුදායක එකක් වේවි. ඒත් ඉතින් අපි ඒ ආරංචිය ඔයාලට කියනවා. ඒ ආරංචිය අකලංකගෙන්ම අහන්න අපි ඔහුට කතා කළා.
අකලංක ලංකාවෙන් සමුගන්නා දිනය ළගා වී ඇති බව ආරංචියි.

විවාහයෙන් පසුව මම බිරිඳත් සමග පැරිසියේ පදිංචියට යන බව මීට කලින්ම මගේ රසිකයින්ට දැන්වූවානේ. දැන් ඒ දවස උදාවෙලා.
කවදාද?
දෙසැම්බර් 6 වැනිදා
ඉන් පස්සේ?
මගේ බිරිඳ සමග පැරිසියේ නවතිනවා. පැරීසියේ ඉඳන් ව්‍යාපාර කටයුතු වගේම ක‍්‍රිකට් ක‍්‍රීඩාවටත් යොමුවන්න අදහස් කරගෙන ඉන්නවා. මම නර්තනය තුළින් රසික ප‍්‍රසාදයක්
ලැබුවට මම නර්තනය හදාරලා නැහැ. නර්තනය හදාරන්නටත් අදහස් කරගෙන ඉන්නවා.
ඔබේ බිරිඳ මේ වන විටත් පැරිසියට වී ඔබ එනතුරු මග බලාගෙන ඇති.
අපි විවාහ වුණේ අපේ‍්‍රල් 11 වැනිදා. සති දෙකකින් ඇය ආයෙමත් පැරිසිය බලා පිටත් වුණා. ඒ ඇගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන්. පසුගිය මාස කිහිපය පුරා දුරකථනයෙන් හා ස්කයිප් මගින් දවස් පතා අපි හමුවුණා.
මම පැරිසියට යාම ගැන ඇය සතුටින් බලාගෙන ඇති.
ඒත් ඔබේ දුරස්වීම ඔබේ ළබැඳියන්ට දුකක්?
ඒ වගේම මටත් දුකක්. අම්මා අක්කා යාළු මිත‍්‍රයෝ මගෙ රසික ජනතාව දාලා යන්න වීම ගැන දුකක්. ඒත් ඉතින් අපි හැමෝටම තම තමාගේ ජීවිතවල අරමුණු, ඉලක්ක තියෙනවානේ.
ආයේ ලංකාවට එන්නේ නැද්ද?
එහෙම කරන්නේ කොහොමද? මගේ හැමෝම ඉන්නේ ලංකාවේ. විවේකයක් ලැබුණ හැටියේ ලංකාවට එනවා ඒ අය බලලා යන්න. පෙබරවාරි මාසයේත් මගේ පෞද්ගලික කටයුත්තට ඇවිත් යන්න හිතාගෙන ඉන්නේ.
අකලංකගේ ගැයුම්, රැුගුම් ජනතාවට ඉතුරු කරලද යන්නේ…?
අලූත් ගීත දෙකක් කරන්න හිතාගෙන ඉන්නවා. එකක් පටිගත කළා. රවිතා වාගිස්ට ලියපු තිළිණ රුහුණගේ සංගීතවත් කළ ඒ ගීතයට පැරිසියේදී රූප රචනයක් කරන්න හිතාගෙන ඉන්නේ. මමයි මගේ බිරිඳයි ඒ රූප රචනයට ඉඳීවි. යන්න කලින් අනිත් ගීතයත් කරනවා. සින්ඩ‍්‍රැල්ලා චිත‍්‍රපටයයි, රශ්මි කියලා ටෙලි නාට්‍යකුයි ඉදිරියේ දී දැකගන්න පුළුවන් වේවි.
වෙනත් නිර්මාණ සඳහා ආරාධනා ලැබුණේ නැද්ද?
චිත‍්‍රපටවලටයි, ටෙලිනාට්‍යවලටයි ආරාධනා කීපයක්ම ලැබුණා. ඒත් මම විදෙස් ගත වීමට තීරණය කරගෙන හිටපු හිංදා මම එකක්වත් භාර ගත්තෙ නැහැ.
කලාවට ආදරය කළ කෙනෙකුට එයින් සහමුලින්ම දුරස් වී සිටිය හැකිද?
මම කලාවෙන් සහමුලින්ම දුරස් වන්නේ නැහැ. මුලිනුත් සඳහන් කළා වගේ නර්තනය හදාරන්න අදහස් කරගෙන ඉන්නවා. ඒ වගේම හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණත් ලංකාවට ඇවිල්ලා හරි ඊට දායක වනවා. හැබැයි ඉතින් මගෙ එහෙ සියලූ කටයුතුවලින් මිදිලා ලංකාවට ඇවිල්ලා රගපාලා යන්න තරම් හොඳ නිර්මාණයක් නම් තමයි ඒ වගේ කැපකිරීමක් කරන්න වෙන්නේ. ඒ වගේම තමයි ඉඳහිට අපි දෙන්නම නිවාඩුවට ලංකාවට ආවම ලංකාවේ ඉන්න කාලය තුළ කලා කටයුත්තකට දායකවන්න ලැබුණත් ඊට දායක වනවා.
සුන්දර පැරිසියේ ඔබයි ශෂිනියි අරඹන අලූත් ජීවිතය ගැන කතා කරමු
අපි විවාහ වන විටත් ඇගේ අධ්‍යාපන කටයුතු නිමාවෙලා නැහැ. ඇය මාත් එක්ක හිටියෙත් සති දෙකයි කියලා මුලිනුත් සඳහන් කළේ. දැන් ඇගේ අධ්‍යාපන කටයුතුත් නිමාවුණා. මමත් එහෙ පදිංචියට ගියාම තමයි අපිට අපේ ජීවිතයේ ඊළග කාලය ගැන හැම සැලසුමක්ම කරන්න වෙන්නේ. මුලින්ම අපි දෙන්නා ලෝකය වටේ සංචාරයක් යන්න හිතාගෙන ඉන්නවා.
අලූත් ජීවිතයට අලූත් අමුත්තෙක් එකතු කරගන්න දැන්ම අදහසක් නැද්ද?
විවාහ වන විට මගෙ බිරිඳට වයස අවුරුදු 24 යි. අනික අපිට තව ගොඩක් සැලසුම් තියනවා. ඒ හිංදා දැන්මම ඒ ගැන නම් හිතන්නෙ නැහැ.
ආරියවංශ කුලතිලක

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live