රුපියල් ලක්ෂ හැත්තෑවකට අලෙවි කිරීමට ගෙනයමින් තිබු ඇත් දළ යුගලක් ගාල්ල කොට්ටාශ දූෂණ මර්ධන අංශයේ පොලිස් නිළධාරින් විසින් අක්මීමණ අංකොක්කාවල පීල්ල හන්දියේදි (07)අත් අඩංගුවට ගෙන තිබේ.
ඇත් දළ යුගල සමග සැකකරුවන් තිදෙනෙක් හා ඇත් දළ ප්‍රවාහනය කළ වෑන් රථයද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ගාලු කොට්ඨාශ දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස්.කේ ලේකම්වසම්ට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර ඇත.සැකකරුවන්ට වවුලගල ප්‍රදේශයේදි ත්‍රි රෝද රථයකින් පැමිණි පිරිසක් මෙම ඇත් දළ යුගල ලබා දුන් බව සැකකරුවන් පොලිසියට පවසා ඇත.
අත්අඩංගුවට ගත් ඇත් දළයක දිග අඩි තුනයි අගල් හතරක් වන අතර විශාලතම තැන විශ්කම්භය අගල් එ කොළහක් වේ. ලියා පදිංචි නොකළ ඇත් දළ යුගලක් ලග තබා ගැනීම හා ප්‍රවාහනය කිරීමේ චෝදනාව යටතේ සැකකරුවන්ට නඩු පවරන බවද සැකකරුවන් අද (08) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවද ගාල්ල පොලිසිය පවසයි.
ගාල්ල කොට්ඨාශ භාර පොලිස් අධිකාරි රංජිත් මාසිංහ, සහකාර පොලිස් අධිකාරි කීර්තිරත්න යන අයගේ උපදෙස් මත ගාල්ල කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති එස්.කේ. ලේකම්වසම්,පො.සැ.සිල්වා (17986) පො.කො. ප්‍රේමසිරි (6112),පො.කො ඒකනායක(4342), පො.කෝ.රෝහණ (31958), කා.පො.සැ සොයිසා(1181), කා.පො.කො ප්‍රියන්ති(1719), කා.පො.කො නදීශා 8709 යන නිළධාරිහු වැටලීම සිදු කළහ.
(නිමල් අල්ගෙවත්ත )