අමාත්‍ය මර්වින් සිල්වා පිල්ලෑව බෝ සමිදු විහාරයේ භාරකාරත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.තමන් ඉල්ලා අස්වුවද ශාසනයේ ඉදිරි පැවැත්ම සදහා තමන් කටයුතු කරන බවත් මර්වින් සිල්වා පිල්ලෑව විහාරාධිපතිට ලිපියක් මගින් දැනුම්දී තිබේ.
රන්ජන් සිල්වා යන පුද්ගලයා පිල්ලෑව විහාරස්ථානයට සම්බන්ධව පූජනීය ස්ථානයට නොගැළපෙන බොහෝ දේවල් විහාරාධිපති හිමියන් දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදු කරන බවද අමාත්‍යවරයා එම ලිපියේ සදහන් කර තිබේ.ඒ හේතුව නිසා තමා තවදුරටත් පිල්ලෑව විහාරස්ථානයේ භාරකාරත්වය ගෙන කටයුතු නොකරන බවයි
එම ලිපියේ වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.
පිල්ලෑව විහාරාධිපති පොළොන්නරුව සීලානන්ද ස්වාමින් වහන්සේ වෙත යවන ලද එම ලිපියේ වැඩිදුරටත් සදහන් කර ඇත්තේ රන්ජන් සිල්වා පූජනීය ස්ථාන ඉලක්ක කර ගනිමින් දුර්දාන්ත ක්‍රියා වල යෙදී සිටින බවයි.එවැනි දුර්දාන්ත වැඩපිළිවෙලවල් සිදු වන තැන් වල රැදී සිටීමට තමන් අකමැති බවත් විහාරස්ථානයේ භාරකාරත්වයෙන් ඉවත් වුවත් ස්වාමින් වහන්සේ සමග පවත්වාගෙන යන සම්බන්ධකම් ඉදිරියටත් පවත්වා ගෙන යන බව අමාත්‍යවරයා දැනුම්දේ.
තමා සැදැහැති බෞද්ධයෙකු වශයෙන් විහාරස්ථනයට නොමදව උපකාර කිරීම සදහා ඉදිරිපත් වුවත් තමාගේ කැමැත්තෙන්ම විහාරස්ථානයේ භාරකාරත්වයෙන් ඉවත් වන බවයි අදාළ ලිපියේ අමාත්‍යවරයා සදහන් කර ඇත්තේ.