කොළඹ නගරයේ රාත්‍රී සමාජශාලා හිමිකරුවන් මුහුණ දෙන ගැටළු කවරේදැයි දැන ගැනීම සඳහා එකී හිමිකරුවන් හා ආරක්ෂක ලේකම්වරයා අතර පසුගියදා සංවිධානය කරන ලද සාකච්ඡාවකදී, ඔවුන් මුහුණ දෙන ප්‍රධානතම ගැටළුව ලෙස එම හිමිකරුවන් පවසා ඇත්තේ ‘ අමාත්‍ය මර්වින් සිල්වාගේ පුතාගෙන් සිදුවන ප්‍රශ්න බව' යි.
සිය ආරක්ෂකයන් සහ මිතුරන් පිරිවරා රාත්‍රී සමාජශාලා වලට පැමිණෙන මාලක සිල්වා එසේ පැමිණි පසු කවර හෝ පුද්ගලයෙකු සමග ගැටුමක් ඇති කර ගැනීම අනිවාර්ය බැවින් ඔහු පැමිණි විගස බොහෝ පිරිස් රාත්‍රී සමාජශාලා වලින් පිටවී යන බව මෙම හිමිකරුවන් ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දී තිබේ. මෙම ප්‍රශ්නයට කඩිනම් විසඳුමක් ලබා නොදුන්නොත් නයිට්ක්ලබ් වැසීමට පවා සිදුවිය හැකි බව සමාජශාලා හිමිකරුවන් පෙන්වා දී ඇත.
රාත්‍රී සමාජශාලා හිමිකරුවන් හා ආරක්ෂක ලේකම්වරයා අතර මෙම සාකච්ඡාව සංවිධානය කර ඇත්තේ ආරක්ෂක ලේකම්වරයාගේ සමීපතමයෙකු වන දිලිත් ජයවීර මහතා විසිනි.
පසුගියදා කොළඹ කොල්ලුපිටියේ R&B (Rhythem & Blue) රාත්‍රී සමාජ ශාලාවේදී මාලක සිල්වා හා ස්කොට්ලන්ත ජාතිකයෙකු අතර ඇතිවූ ගැටුමෙන් මාලක සිල්වා තුවාල ලැබූ අතර ඔහුගේ ඇප ඉල්ලීම පිට පිට දෙවතාවක් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. මෙම ගැටුමෙන් පසුදා ආරක්ෂක අමාත්‍යංශයේ විශේෂ නියෝජිතයන් තිදෙනෙක් R&B සමාජ ශාලාව වෙත පැමිණ එහි හිමිකරු හා ආරක්ෂකයන්ගෙන් කටඋත්තර සටහන් කරගෙන ඇත. ඔවුන් පැමිණ ඇත්තේ පොලිස් විමර්ශණ වලට අමතරව අතිරේක විමර්ශනයක් සඳහා ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් මතය.
තම පුත්‍රයා පහරකෑමෙන් අනතුරුවත් රිමාන්ඩ් කර සිටින්නේ රජයේ ඉහළම පුද්ගලයෙකුගේ ඕනෑ එපාකම මත බව මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා සඳහන් කරමින් සිටී.