Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

විශ්ව කොඩිකාර රසිකාආදරය දිනාගත් යොවුන් නළුවෙකු බව පුන පුනා කිව යුත්තක් නොවේ. මේ වසර ආරම්භයේ පටන් කලා ක්ෂේත‍්‍රයේ යොවුන් නළු, නිළියන් රැුසකට මංගල සීනු හැඩවුණා. ඒ නළුවන් අතරේ විශ්වගේ නම ද කියැවෙනවා.
යොවුන් නළුවන්ට රසිකයන්ටත් වඩා ආකර්ෂණය වැඩි රසිකාවියන්ගෙන් බව ඔබ ද හොඳාකාරවම දන්නා කරුණක්. අද අපි විශ්ව ගැන ඔහුගේ ආදරණිය බිරිය වන එරන්දි කොඩිකාර කියූ කරුණු රැුසක් ගැන මෙන්ම, යොවුන් නළුවකු වන සිය
සැමියා සම`ග ඇය අලූත්
ජිවිතයට මුහුණ දෙන අයුරු ගැනත් මෙහිදී සටහනට එක්කරා… ඇත්තෙන්ම විශ්වගේ අලූත්ම ජීවිතය ගැන දැනගන්නට ම`ග බලා සිටින රසික රසිකාවියන්ට නම් මෙය කියවන්නම වටින සොඳුරු සටහනක් වනු ඇති.

මට විශ්ව මුණගැහෙන්නේ 2011 වසරේ අග භාගයේ දී….. ඒ වන විට මම පදිංචි වී හිටියේ ඕස්ටෙ‍්‍රලියාවේ…
මම නිවාඩුවකට ලංකාවට ආපු වෙලාවේ තමයි විශ්ව හමුවුණේ. අපේ පවුලේ හිතවතෙක් තමයි ජනප‍්‍රිය නළු සරත් චන්ද‍්‍රසිරි. ඔහුව හමුවෙන්නට අවශ්‍යතාවය තිබ්බා. ඒත් ඒ වන විටත් ඔහු තරමක් කාර්ය බහුල වී හිටියේ. එනිසා නුගේගොඩ ටෙලිනාට්‍යයක් රූගත කරන තැනකට අපි ගියා.
එදා එතැන විශ්වත් හිටියා. ඊට පස්සේ විශ්ව සරත් අංකල්ගෙන් මගේ මොබයිල් නම්බර් එක ඉල්ලගෙන එයා මට කතා කළා…. ඒ විදිහට තමයි අපේ ආදර කතාව ඇරැුඹුණේ.
මුල්ම දවසෙ දී නම් විශ්වවත් මමවත් ලොකුවට කතා කළේ නැහැ…. හලෝ කොහොමද….? ටටා…. බායි කියලා තමයි කතා කළේ….. ඉන්පස්සේ සරත් අංකල් තමයි මාව ඔහුට හඳුන්වා දුන්නේ…. පළමුවැනි දවසෙදි විශ්ව ගැන විශේෂ සිතුවිල්ලක් පහළ වුණේ නැහැ…. මොකද ඊට පෙර මම විශ්වව දැකල තිබුණ ටී.වී. එකේ ටෙලිනාට්‍යවල….. ඒත් හැබැහින් මම විශ්ව ව දැක්කේ එදා…. නමුත් එයා මට නිතර නිතර දුරකතනයෙන් කතා කරත්දී අවංක හොඳ කෙනෙක් බව හැ`ගුණා….
මට ආදරෙයි කියලා ඉස්සෙල්ලාම කිව්වේ විශ්ව තමයි. මම ලංකාවේ ඉඳල ඔස්ටෙ‍්‍රලියා යන්න ළං වෙද්දී එයා මට දුරකතනයෙන්ම, මම ඔයාට ආදරෙයි…..” කියලා කිව්වා. මම කිව්වා මවු පියන්ගෙන් ඇහුවොත් හොඳයි නේද…? කියලා. විශ්ව අපේ ගෙදර ඇවිත් මවුපියන්ගෙන් මේ ගැන ඇහුවා…. දෙපැත්තේම ආශිර්වාදය ඇතිව අපි විවාහ වුණා. මම පුංචි කාලේ ඉඳලම හිටියේ, ඔස්ටෙ‍්‍රලියාවේ….. ඒ අතර මැද ලංකාවටත් ආවා ගියා…. එහෙම ලංකාවට ආපු අවස්ථාවක වසර හතරක් පමණ මියුසියස් විද්‍යාලයේ ඉගෙන ගත්තා….. ඊට පස්සේ මම නැවත වැඩිදුර අධ්‍යාපනයට ඕස්ට‍්‍රේලියාවට ගියා…. එහෙදී උපාධිය හදාරා වසර දෙකක පමණ කාලයක් රැුකියාවකත් නියැළුණා…. ජොබ් එක කරන අතරතුර ලංකාවට ආපු වෙලාවෙ තමයි විශ්ව හමුවෙන්නේ…. ඊට පස්සේ ආයෙත් ඔස්ටෙ‍්‍රලියාවට ගිහින් අවුරුද්දයි මාස තුනකින් වගේ නැවත ලංකාවට ආවා.

ලංකාවෙ වගේ නෙමෙයි පිටරට ඉන්දැද්දී….. කාලය ගොඩාක් ඉතුරුයි…. ලංකාවේ දේවල් බලන්න අපි නිතරම උනන්දු වෙනවා. ඒ නිසා මම නිතරම ලංකාවේ චිත‍්‍රපට, ටෙලිනාට්‍ය නරඹනවා.ිපබළු’ ටෙලිනාට්‍යයේ විශ්ව ර`ගපානවා මම දැකලා තිබුණා. කතාවට ගොඩක් ආස නිසා මම ඒ ටෙලිනාට්‍යය නැරැුඹුවා. එය බලනවිට අපේ ගෙදර අය නිතර විශ්වගේ ර`ගපෑම් ගැන කතා වෙනවා.
අනේ අලූත් ඇක්ටර් කෙනෙක් ඇවිත්…. කියලා කියනවා. විශ්ව ටෙලිනාට්‍යයේ දකිත්දී මට පොඩි වෙනසක් දැනුණා. මගේ හිතට පෞද්ගලිකව පොඩි අමුත්තක් දැනුණා. ඒක මට වචනවලින් පැහැදිලි කරන්න තේරෙන්නේ නැහැ. එයාව හැබැහින්ම හමුවුණාට පස්සේ තමයි හිතේ ඔහු ගැන වඩාත් ආදරයක් කැමැත්තක් ඇති වුණේ.
මගේ පියා ව්‍යාපාරිකයෙක්. ඔහු ඕස්ටෙ‍්‍රලියාවේ තමයි පදිංචිව ව්‍යාපාර පවත්වාගෙන යන්නේ. අම්මාත් පිටරට ඉද්දී රැුකියාවක් කළා. දැන්නම් මොකුත් කරන්නේ නැහැ….. අපේ පවුලේ එකම දරුවා මම.
මට නම් පියාගේ ව්‍යාපාරික කටයුතුවලට දායක වෙන්න අදහසක් නැහැ….. විශ්වගේ වෘත්තියත් එක්ක ඒ වගේ රටකට ගිහිල්ලා ඉන්න එක අපරාධයක්…. මොකද විශ්වගේ රංගන හැකියාවත් එක්ක එයින් උපරිම ප‍්‍රයෝජන ගන්නා සමයකයි විශ්ව ඉන්නේ…. ඉතින් මම තීරණය කළා මම රට යන්නේ නැහැ විශ්වත් එක්ක ඉන්නවා කියලා…. ඒත් අපි නිවාඩුවක් ලැබුණම එහෙ සංචාරය කරන්න අමතක කරන්නේ නැහැ…..
විශ්වට එහෙම මගේ මවුපියන් තුළ අකැමැත්තක් තිබුණෙ නැහැ… අපේ පවුල්වල වුණත් අපි සාමාන්‍ය විදිහට ජීවත්වෙන අය…. ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නෙ නැහැ….. ඉතින් ඒ ගොල්ලන්ගේ කිසිම අකැමැත්තක් තිබුණෙ නැහැ…..
විශ්ව මට ඉතාම හොඳ සැමියෙක්. එයා හැමදේම මා ගැන හොයා බලනවා. මොනවද අඩුපාඩු, එයාගෙන් මට වෙන්න ඕන මොනවද කියලා. හැමදේ ගැනම හොයනවා. බලනවා. මේ වෙද්දි ප‍්‍රශ්නයක් වුණත් කතාබහ කරල විසඳගන්න පුළුවන් තත්ත්වෙට අපි දෙන්නම ඇවිත් තියෙනවා…
ඉස්සර නම් පොඩි පොඩි දේටත් අපි දෙන්නා අමනාපකම් ඇතිකර ගත්තා. වයසින් මුහුකුරා යත්දී, වගකීම් වැඩිවෙද්දී අපි දෙන්නම ඒ දේවල් හදාගෙන දෙදෙනාට දෙදෙනා අන්‍යෝන්‍ය අවබෝධයකින්, විශ්වාසයකින් යුතුව අපේ විවාහ ජීවිතය සාර්ථකව ගෙන යනවා.
විශ්ව නිළියන් සම`ග ර`ගපාද්දී අනෙක් අයට වගේම මටත් ඔය ප‍්‍රශ්නය මට මුලින්ම තිබුණා. ඊර්ෂ්‍යාව ඇති‍ වෙනවා. තරහා යනවා. මම ඉතින් එයාට එක එක දේවල් කියනවා. බඳින්න කලින් සහ බැඳපු මුල් දවස්වල වගේ….. පස්සේ විශ්ව මට ඒ හා සම්බන්ධව පැහැදිලි කරල තියෙනවා. ඔයා හොඳට තේරුම් ගන්න මේක කැමරාව ඉදිරියේ කරන රංගනයක් විතරයි කියලා. සැබෑ ජීවිතයේදී මගේ ආදරය, මගේ හැමදේම ඔයා කියලා. දැන් අපි අතර දැඩි විශ්වාසයක් තිබෙනවා. මට එයාව ගොඩාක් විශ්වාසයි. ඒ විශ්වාසය උඩ දැන්නම් තරහක් හිතෙන්නේ නැහැ….
මට ලොකුවට විශ්ව ගැන කටකතා ආරංචි වෙලා නැහැ… මොකද එහෙම කටකතාවක් මට දැනගන්න ලැබුණොත් මම ඒ ගැන විශ්වත් එක්ක කෙළින්ම කතාබහ කරනවා. විශ්ව සමහරවිට මට ඒ දේවල් කෙළින්ම

ඇවිත් කියනවා…. ඕනම කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. අපි ඒ දේවල් දිහා නුවණැතිව බලන්න ඕන….
විශ්වගේ හැඩරුව ගැන වගේම කෑම බීම ගැනත් මම හුÛක් සැලකිලිමත් වෙනවා. මේ දවස්වල විශ්ව බෝලයක් වගේ මහත් වෙලා…. බෝලයක් වගේ ලොකු බඩකුත් ඇවිත්…. එයා දැන් කෑම කනවා වැඩියි…. මම එක එක කෑම හදල දෙන නිසා…. ඒත් දැන් මම එයාගේ කෑම බීම තරමක් කන්ට්‍රෝල් කරනවා…. හරියට චොකලට් එහෙමත් කනවා…. මම එයාව නිතර ජොගින් යන්න ඇවිදින්න යන්නත් උනන්දු කරනවා….
පේ‍්‍රක්ෂකයන් නිසා තමයි විශ්ව අද මේ තරම් දුරක් ක්ෂේත‍්‍රයේ ඉදිරියට ඇවිත් ඉන්නේ. දැන්නම් ගොඩක් වෙලාවට පේ‍්‍රක්ෂකයෝ අපිට හම්බවෙනවා වැඩියි. මොකද විශ්විකෝරලේ මහත්තයා’ වේදිකා නාට්‍යයේ ර`ගපාන නිසා. හැම සති අන්තයේම මේ වේදිකා නාට්‍යය රැුගෙන අපි ගම්වලට යනවා. මට හරිම සතුටුයි විශ්වට පේ‍්‍රක්ෂකයන්ගෙන් ලැබෙන ප‍්‍රතිචාර දකිනකොට….

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live