එහිදී ඔහු මෙසේද පැවසීය. මෙවැනි වෙබ් අඩවියක් තුලින් පළාතේ ඕනෑම අයෙකුට පළාත් සභාවේ පුවත්, බඳවා ගැනීම්, සුදුසුකම් , වැනි දෑ එහි යාවත් කාලීන කරන්න පුළුවන්. එවිට අද පළාත් සභාව කුමක් හෝ බඳවා ගැනීමක් පුවත් පතක දැමු විට උදේ වෙන තුරු මන්ත‍්‍රී වරුන්ට ඇමති වරුන්ට දුරකථන ඇමතුම් දෙනවා. එහි විස්තර අහන්න . මෙහෙම ඇමතුම් දෙන අයගෙන් බහුතරය තරුණ පරපුර. ඒ අයගෙනුත් වැඩි පිරිසක් අන්තර්ජාලය නිතරම තම ජංගම දුරකථනයෙන් පවා භාවිතා කරන අය.
දකුණු පළාත් සභාව මෙවැනි වෙබ් අඩවියක් නිර්මාණය කර ඒ සඳහා මෙම දත්ත යාවත්කාලීන කලහොත් දකුණේ මෙම ජංගම දුරකථනයෙන් අන්තර්ජාලය හා සම්බන්ධ වන අය මෙන්ම අනිකුත් අය ද මෙහි වාසිය ලබා ගන්නවා.
ඒ තුළින් පළාත් සභාව යන මුද්‍රණ වියදම පාවා අඩු වීමට පුළුවන්. ඉදිරියේ දී ඒ තුළින් ජනතා ගැටළු ඉදිරිපත් කිරීමේ අවස්ථාව පවා සිදුකරන්න පුළුවන්. එවිට හම්බන්තොට එහා කොනේ සිටින පුද්ගලයෙකුට තම අවශ්‍යතා සඳහා ගාලූ පැමිණීමේ අවශ්‍යතාවය මතුවන්නේ නෑ. එසේම පළාත් සභාවේ ඇති වන වාද විවාද මෙන්ම කෙරෙන වැඩ පුවත් පතක ම ගියෝතින් ඇරෙන්න ජනතාවට දැන ගැනීමේ හැකියාව නැති වෙනවා.
මෙම වෙබ් අඩවිය අද පිහිටුවා හෙට ප‍්‍රයෝජන ගැනීමට නොව දීර්ඝ කාලීන අවශ්‍යතාවය අනුව ක‍්‍රමක් ක‍්‍රමයෙන් ඒ සඳහා ලඟාවිය හැකි ආකාරයෙන් මෙම වෙබ් අඩවිය ආරම්භ කිරීම වැදගත් වෙනවා.