ආණ්ඩුවේ අධ්‍යාපන ප‍්‍රතිපත්තිය අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් කිරීමයි. එය 77න් පසු මෙරට පාලනය කරපු හැම ආණ්ඩුවක්ම අධ්‍යාපනයට සිදු කල මැදිහත්වීම් තුළින් මනාව පැහැදිලි වන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි.අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය නිකුත්කල නිවේදනයක දැක්වෙන්නේ රාජපක්ෂ ආණ්ඩුවද එම ප‍්‍රතිපත්තිය අකුරට ඉෂ්ට කරමින් සිටින බවත් එය මෑත ඉතිහාසයේ අධ්‍යාපනයට මෙම ආණ්ඩුවේ මැදිහත් වීම තුලින් සනාත වන බවත් ය.
අධ්‍යාපනය පෞද්ගලීකරනය කිරීමට ඇති ආණ්ඩුවේ උත්සහය ,උනන්දුව පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට ආණ්ඩුවේ මැදිහත් වීම තුළින් සනාථ කර හමාරය. පේරාදෙණිය කළමණාකරන පීඨය ස්ථාපිත කිරීමට ගැසට් පත‍්‍රය නිකුත් කිරීමට සිසුන්ට වසර 7 අරගල කරන්නට සිදු විය. නමුත් පසුගිය වසර 3 තුළ ආණ්ඩුව මාලඹේ හොර උපාධි කඩය නීත්‍යානුකූල කිරීමට පමනක් ගැස්ට් පත‍්‍ර 4ක් නිකුත් කර තිබේ. තවද රු මිලියන 600ක රාජ්‍ය ණයක්ද ලබා දී තිබේ. පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරන අතරතුර රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ පඨමාලා විකිනීමට පටන්ගෙන ඇත. තවද පාසල් අධ්‍යාපනයද වෙළද භාන්ඩයක් කර හමාරය. පාසල් තුලින් විශාල ලෙස මුදල් අය කරමින් පාසල් අධ්‍යාපනයේ බර දෙමාපියන් මත පටවා ඇත.
එබැවින්,
අධ්‍යාපනය විකිධෑම නවතනු! මාලඹේ හොර උපාධි කඩය අහෝසි කරනු!
පාසල් තුළ මුදල් අය කිරීම නවතනු!
සරසවි තුළ පාඨමාලා මුදලට විකිණීම නවතනු!
යන සටන් පාඨ මුල් කරගනිමින් නිදහස් අධ්‍යාපනයත්, අධ්‍යාපනයේ නිදහසත් දිනාගැනීමේ අරගලය පෙරට ගෙනයාමට මේ මොහොතේ ලාංකීය ශිෂ්‍ය ව්‍යාපරය ලෙස අපි සූදානම්ව සිටින බවද එම නිවේදනයේ දැක්වේ.