Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.


Spike_lankanewsalert_31_10_2014දැන්වීම්කරණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයකු ලෙසින් කීර්තිමත් නාමයක් දිනාගත් JWT Colombo හි ප‍්‍රධාන නිර්මාණ විධායක නිලධාරිනි සහ උප  සභාපතිනිය චන්දිනී රාජරත්නම් පසුගියදා සිංගප්පූරුවේ පැවති ‘‘Spikes Asia Festival of Creativity 2014’’ හි විනිශ්චය සභාවේ සාමාජිකයකු ලෙස කටයුතු කරනු ලැබීය. ක්ෂේත‍්‍රය තුළ ‘‘C’’ යන අන්වර්ථ නාමයෙන් ප‍්‍රකට චන්දිනී එම විනිශ්චය සභාව නියෝජනය කළ එකම ශී‍්‍ර ලාංකික සාමාජිකාව ද වේ.
උළෙල හි සංවිධායකයින් පෙන්වා දෙන අන්දමට වැඩිම අයදුම්කරුවන් සංඛ්‍යාවක් ඉදිරිපත් වූ වසර ලෙස මෙම වසර සැලකෙන අතර සන්නාම අන්තර්ගත සහ විනෝදාත්මක, නිර්මාණ සඵලතා, සැලසුම්කරණය, ඩිජිටල්, අධ්‍යක්ෂනය, චිත‍්‍රපට, චිත‍්‍රපට සැලසුම්කරණය, සෞඛ්‍ය, නව්‍යකරණය, අනුකලනය, මාධ්‍ය, ජංගම දුරකථන, එළිමහන්, මහජන සම්බන්ධීකරණ, මුද්‍රිත, මුද්‍රිත සහ පෝස්ටර් සැලසුම්කරණය, ප‍්‍රවර්ධන සහ සකි‍්‍රයකරණ මෙන්ම ගුවන්විදුලි යන ක්ෂේත‍්‍ර ඔස්සේ අයදුම්කරුවන් 4984දෙනෙකු ඉදිරිපත්ව තිබින.

චිත‍්‍රපට, මුද්‍රිත සහ පෝස්ටර් යන අංශ කැටිකරගත් සැලසුම්කරණ (Craft) අංශයේ විනිශ්චය සභාවේ සාමාජිකත්වය ස`දහා ක්‍ වෙත ආරාධනා ලැබින. එම අංශය වෙනුවෙන් ආසියානු පැසිෆික් කළාපයේ නිර්මාණ ආයතන නියෝජනය කරමින් ඉදිරිපත්ව තිබූ ඇතුළත් වීම් සංඛ්‍යාව 564කි.
මේ වසරේ Spikes ස`දහා විනිශ්චය ලබාදෙමින් ලබාගත් අත්දැකීම් පිළිබ`ද අදහස් දැක්වූ ක්‍ ස`දහන් කළේ ‘‘ලොව සියලූදෙනා අභිබවා ආසියාව ඉදිරියෙන් පසුවන බවට ීචසනැි සාක්ෂි දරනු ලබනවා. රටවල් 6කට අයත් එකිනෙකට වෙනස් ප‍්‍රවීණයින් සම`ග විනිශ්චය ස`දහා තීන්දු තීරණ ගැනීමේ දී අදහස් හුවමාරු කරගනිමින් වාද විවාද සම`ගින් කටයුතු කළ අයුරු සැබවින්ම ප‍්‍රයෝජනවත් වුනා.’’ යනුවෙනි. Spikes විනිශ්චය ස`දහා දායකත්වය සැපයූ ක්‍ ශී‍්‍ර ලංකා අලෙවිකරණ ආයතනය ම`ගින් දැන්වීම්කරණ සම්මාන උළෙල, රෙජී කන්දප්පා නිර්මාණ සම්මාන හා MAS Go Beyond සම්මාන ස`දහා විනිශ්චය මණ්ඩල සාමාජිකාවක් ලෙස ද අවස්ථා රැසක දීම කටයුතු කර තිබේ.
ආසියානු පැසිෆික් කළාපය නියෝජනය කරමින් ලද ඇතුළත්වීම් සලකා බැලීම ස`දහා විනිශ්චය මණ්ඩල සාමාජිකයින් 90දෙනෙකු සිංගප්පූරුවේ දී මුණ ගැසුණු අතර දින 4ක් පුරා පැවති සැණකෙළියක් හා අධ්‍යයන වැඩසටහන් වලින් සමන්විත හරවත් වැඩසටහන් මාලාවකින් ද මෙම සම්මාන උළෙල සමන්විත විය. නිර්මාණකරණ ක්ෂේත‍්‍රයේ විශිෂ්ටයින් ඇගයීම වෙනුවෙන් ශදමබට Spikes තර`ග හා වැඩසටහන් මෙලෙෂ වාර්ෂිකව සංවිධානය කෙරේ.
ඡායාරූපය
(Craft) නිර්මාණ අංශයේ විනිශ්චය සභාව :වමේ සිට දකුණට Haydn Evans – නිර්මාතෘ/විධායක නිෂ්පාදක- සිංගප්පූරුවේ Six Toes, Eddie Wong-නිර්මාණ අංශ ප‍්‍රධානී -චීනයේ Innocean Worldwide, Michael Cook – සම හිමිකරු – ඔස්ටේ‍්‍රලියාවේ The Feds, Lien Dang - විධායක නිෂ්පාදක- වියට්නාමයේ Echo Films, Wuthisak Anarnkaporn – සිනමා අධ්‍යක්ෂ - තායිලන්තයේ Factory 01, චන්දිනී රාජරත්නම් - ප‍්‍රධාන නිර්මාණ විධායක නිලධාරිනි සහ උප සභාපතිනිය JWT Colombo,James Moore – කළමණාකාර අධ්‍යක්ෂ / විධායක නිෂ්පාදක -නවසීලන්තයේ Flying FishSpikes - Craft Jury

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live