Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

පසුගියදා විකාශය වූ බලය වැඩසටහනේදී අමාත්‍යය ජොන්ස්ටන් ප්‍රනාන්දුත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අතරත් උණුසුම් විවාදයක් ඇතිවිය. 

එම විවාදය අතරතුරේදී කෝපයට පත් ජොන්ස්ටන් අමාත්‍යවරයා කුණුහරුපෙන් බැන වදිමින් රන්ජන් වෙත වාග් ප්‍රහාර එල්ලකළ අතර එයට සහයට රෝහිත අබේගුණවර්ධන අමාත්‍යයවරයාද ඉදිරිපත්විය. 


අනෙක් පස සිටි රන්ජන් නිහඬව සිටි අතර ඔහුගේ සහයට විජිත හේරත් මන්ත්‍රීවරයාද ඉදිරිපත් වුයේ නැත.

ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා දණ්ඩෙන් පහර කෑ නාගයෙකු පරිද්දෙන් කෝපයට පත්වුයේ රන්ජන් විසින් අමත්‍යවරයා වෙත එල්ලකරන ලද ජනාධිපති ඝාතන සැලැස්මයි. 


මෙයෙට කළකට ඉහතදී මංගල සමරවීර විසින් ජොන්ස්ටන් අමාත්‍යවරයා හා කොටි සාමාජිකයන් කිහිපදෙනෙකු සමග සිදුකල දුරකථන සංවාද ප්‍රසිද්ධියට පත්කොට හෙළිකොට සිටියේ ජොන්ස්ටන් අමාත්‍යවරයා ජනපති ඝාතන සැලසුමක යෙදුනු බවයි. 

රන්ජන් එහිදී එයට විරුද්ධව නඩුවක් ඇතිබව කී අතර එය ඔහුට අවාසිදායක කරුණක් වුයේ සැබවින්ම එම කරුණ උදෙසා නඩුවක් නොමැති හෙයිනි.

නඩු අංක විමසීම් හමුවේ රන්ජන් ගොළුවු අතර විජිත හේරත් මන්ත්‍රීවරයාද උදව්වට නොපැමිණියේ එම හේතුව මතය. 


වැඩසටහන යන අතරතුරේදී එය නරඹමින් සිටි අරුන්දික මන්ත්‍රීවරයාද වහා හිරු නාලිකාව වෙත දුවගෙන විත් ඇත්තේ එම වාදය උණුසුම් වී ඇති හෙයිනි.  ඔහු එලෙස තවත් මන්ත්‍රීවරයෙකු සමග විවාදය පැවැත්වෙන ස්ථානයට පැමිණීම පිළිබඳද මේවනවිට සැකයක් මතුව තිබේ.

මේවනවිට රන්ජන් පවසන්නේ තමාව ඝාතනයට සැලැස්මක් ඇති බවය. රන්ජන් ඒ බව බී.බී.සී පුවත් සේවයට ප්‍රකාශකොට තිබුනේ මෙලෙසිනි.



"මට එස්එම්එස් සහ අපිටත් බුද්ධි අංශයක් ඉන්නවා. මට ආරංචියක් ආව, යම්කිසි ස්ථානයක එළියම ටීවී දාගෙන නායකයන් පිරිසක් 'අද රන්ජන්ට ගහනවා. අපි සෙට් කරලා ඉවරයි සේරම' කියල එතන බන්ධුල ගුණවර්ධන ඇමැතිතුමාත් ඉඳල තියෙනව. බඩේ අමාරුවක් හැදිලත් නෑ,"

මෙයට ජොන්ස්ටන් අමාත්‍යවරයා පිළිතුරු දී තිබුනේ මෙලෙසිනි 


"රන්ජන් රාමනායක වගේ කෙනෙක්ව කවුද මරන්න යන්නේ. රට බේරා ගත් නායකයාට හොරා හොරා කියලා මඩ ගහනවා. කරුණු ඉදිරිපත් කරන්න කියලා අපි අභියෝග කළේ. එහෙම මිනිස්සු මරන්න පුළුවන්ද අනේ විවාදවලට ඇවිල්ලා,"
​රන්ජන් හා ජොන්ස්ටන් අමාත්‍යවරයා අතර ඇතිවූ වාදය බලන්න පහතින් 


Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live