Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

මාතර දිස්ත්‍රික්කය තුළ පමණක් පසුගිය 2012 අවුරුද්දේ ළමා අපචාර 209ක් සිදුව ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ පවසයි.ඔහු සදහන් කලේ ,එම දිස්ත්‍රික්කය තුළ ස්ත්‍රී දූෂණ 111ක් සිදුව ඇති බවයි.


මන්ත්‍රිවරයා මේ බව කියා සිටියේ ඊයේ (19)මාතර පැවති උත්සවයකදීය.
මාර්ග අනතුරු 1011ක් සහ මත්ද්‍රව්‍ය වැටලීම් 1613ක් සිදු කර ඇති බවයි මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේ.භයානක මත්ද්‍රව්‍ය සිද්ධි සම්බන්ධයෙන් 652ක් වාර්තා වන බවද මන්ත්‍රිවරයා පෙන්වා දුන්නා.අද මාතර සදාචාරයට අත්වී ඇති ඉරණම එසේ යන්නයි මන්ත්‍රිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

මන්ත්‍රිවරයා මේ සදහන් කලේ මාතර දිස්ත්‍රික්කයේ සංඛ්‍යා දත්ත පමණී.මුළු රටේම දත්ත පිළිබද කතා කලහොත් අප ජීවත් වන්නේ ශ්‍රි ලංකාවේද යන්න අපට සැකයක් පවතී.රටේ පාලකයෝ සංවර්ධනය සංවර්ධනය කියා මහා ලොකුවට කතා කරනු ලබයි.නමුත් රටේ අද තත්වය ස්ත්‍රී දූෂණ 209කින් අවසන් වන්නේ නොමැත.
කිලෝ ගණන් අල්ලන මත් කුඩු වාෂ්ප වන්නේ රටේ ජනතාවගේ ඇස් වලට වැලි ගසමිනි.ස්ත්‍රී දූෂණ සදහා ඇතැම් විට දේශපාලන නියෝජිතයන්ද හවුල්වී තිබේ.එසේම ළමා අපචාර සිදු කරන්නේද පාසැල් වල විදුහල්පතිවරු සහ ඇතැම් ගුරුවරුන් බව අමුතුවෙන් කිව යුතු නැත.
නමුත් අපේ රටේ උත්තරීතර නීතීය එවැනි අපරාධ කරුවන් දින කිහිපයකට පමණක් හිර ගෙට දමා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මුදා හරිනු ලබයි.
රටේ ආච්ශර්‍ය ස්ත්‍රී දූෂණය නම් ,මත්ද්‍රව්‍ය නම් වැරදිකරුවන්ට ඇප දීම ප්‍රමාණවත් වේ.නමුත් සංවර්ධනයෙන් ලංකාව ආසියාවේ පළමු තැනට ගෙන යනවා වෙනුවට පවතින තත්වය තව දුරටත් පවත්වාගෙන ගියහොත් ස්ත්‍රී අපරාධ වලින් නම් ලංකාව ආසියාවේ ආච්ශර්‍ය බවට පත්වීමේ ඉඩ කඩ පවතී.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live