Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.


තම ඡන්ද බලය අහිමි කිරීමට එරෙහිව ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලයට අනිවාර්යයෙන්ම පැමිණිලි කරන බව ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක සරත් ෆොන්සේකා පවසයි.ජනාධිපතිවරණය පෙනි පෙනී සිය ඡන්ද අයිතිය අහිමි කිරීමෙන් පෙනී යන්නේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට යළිත් වරක්‌ "ෆොන්සේකා භීතිකාව" වැළඳී ඇති බවත් සාධාරණය ඉල්ලා මෙරට අධිකරණයට යැමෙන් පලක්‌ නොවන බැවින් එම තිරණය ගත් බව සරත් ෆොන්සේකා අවධාරණය කළා.

ඊයේ (17 දා) කොළඹ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සරත් ෆොන්සේකා අභියෝග කර සිටියේ ස්‌වාධීන ඡන්දයක්‌ පවත්වලා තමන් සමඟ තරගයට පැමිණ ජයග්‍රහණය කර පෙන්වන ලෙසයි.

""2013 ඡන්ද ලැයිස්‌තුවේ මගේ නම තිබුණා. 2014 ඡන්ද ලැයිස්‌තුවෙත් මගේ නම ඇතුළත් කර තිබුණා. 2013 ඡන්ද ලැයිස්‌තුවේ මගේ නම ඇතුළත් බව මට දැනුම් දුන්නෙත් මැතිවරණ කොමසාරිස්‌වරයාමයි. ඔහු මට ව්‍යවස්‌ථාව පෙන්වලා මට කිව්වා යමෙක්‌ සිරගත කර වසර දෙකක්‌ සම්පූර්ණ සිර දඬුවම විඳීමෙන් පමණයි ඡන්ද අයිතිය අහිමි වෙන්නේ කියා. මට මහාධිකරණය මගින් මාස තිහක සිර දඬුවමක්‌ නියම කළත් මාස 20 කදී මේ රටේ පාලකයා මාව එළියට දැම්මා. ඒ අනුව මගේ ඡන්ද අයිතිය අහිමි වන්නේ නැහැ.""

""නමුත් නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස්‌ මත මගේ ඡන්ද අයිතිය අහිමි කළ බව පෙරේදා (16 දා) මැතිවරණ කොමසාරිස්‌වරයා මාගේ ලේකම්වරයාට දැනුම් දී තිබෙනවා. තමාගේ බලය පාවිච්චි කරන්න දන්නේ නැති, ගන්න වැටුපට සේවයක්‌ නොකරන, පඹයෙක්‌ වගේ හැසිරෙන මැතිවරණ කොමසාරිස්‌වරයා අම්බලන්ගොඩ කෙනෙක්‌ කියන්නවත් මම කැමැති නැහැ.""

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live