Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදි ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ දේහය අද යළි ගොඩගැණුනා. දේහය යළි ගොඩගැණුනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවකට අනුවයි.
2009 ජනවාරි 08 වැනිදා ඝාතනයට ලක්වු ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ දේහය බොරැුල්ල කනත්තේ මිහිදන් කර තිබුණා. මුලින් පැවති මරණ පරීක්ෂණය දෝෂ සහිත බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු දේහය යළි ගොඩගැනීමට පසුගිය 8 වැනිදා නියෝගයක් නිකුත් කෙරුණා.

එම නියෝගය නිකුත් කෙරුණු දින සිට අද දක්වා දේහය තැන්පත් කර තිබු ස්ථානයට පොලිස් ආරක්ෂාවද යොදවා තිබුණා. ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතනයට ලක්වු අත්තිඩිය ප‍්‍රදේශය ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණ බල ප‍්‍රදේශයට අයත් බැවින් බැවින් මීට අදාල නඩුව ගල්කිස්ස අධිකරණයේ විභාග වනවා.
දේහය භූමදානය කර ඇති බොරැල්ල කනත්ත කොළඹ අධිකරණ බල ප‍්‍රදේශයට අයත් බැවින් කොළඹ අංක දෙක මහේස්ත‍්‍රාත් අධිකරණයේ විනිසුරුවරයා ඉදිරියේ අද දේහය ගොඩගැණුනා.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live