Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

සමනලී සහ ඉන්ද්‍රචාපා අත්අඩංගුවට ගැනීමට සැරසෙයි

රංගන ශිල්පිනි සමනලී ෆොන්සේකා සහ ගායන ශිල්පි ඉන්ද්‍රචාපා ලියනගේ යන අය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් ගීතානි විජේසිංහ මෙනවිය ඊයේ (31) විවෘත වරෙන්තු නිකුත් කළා.

පසුගිය ජනාධිපතිවරණ සමයේ දී කුඹුක්ගැටේ නගරයේ දී ප්‍රසංගයක් පවත්වමින් සිටි අළුත් පරපුර කලාකරුවන් පිරිසකට පහරදීම සම්බන්ධ නඩුව විභාගයට ගත් අවස්ථාවේ දී එම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටින ඔවුන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම සැළකිල්ලට ගෙන මෙසේ වරෙන්තු නිකුත් කර තිබෙනවා.


ඊයේ (31) දිනයේ දී නඩු විභාගය පැවැත්වෙන බවට අධිකරණය විසින් පෙර දැනුම්දීමක් කර තිබියදීත් පැමිණිල්ලේ සාක්ෂිකරුවන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම සැලකිල්ලට ගත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් විවෘත වරෙන්තු නිකුත් කළා.


සමනලී ෆොන්සේකා මහත්මිය සහ ගායන ශිල්පී ඉන්ද්‍රචාපා ලියනගේ මහතා හෝ පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් කිසිදු නීතිඥවරයෙකු හෝ අධිකරණය හමුවට පැමිණ නොමැත.


Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live