Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

2015 වසරේ පළමු මාස 11 තුළ ස්ත‍්‍රී දූෂණ පිළිබඳ පැමිණිලි 1854ක් තමන් වෙත ලැබුණු බව පොලිසිය පවසනවා. විශේෂත්වයක් වන්නේ මෙම ස්ත‍්‍රී දූෂණවලින් සියයට 80කටත් වැඩි ප‍්‍රමාණයක් ස්ත‍්‍රියගේ කැමැත්තෙන් සිදුව තිබීමයි. පොලිස් ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කොළඹ අද (06) පැවැත් වූ මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණ කළා.ශ‍්‍රී ලංකාව නීතියට අනුව වයස අවුරුදු 16ට අඩු තැනැත්තියක් සිය කැමැත්තෙන්ම පුරුෂයෙකු සමග ලිංගිකව එක්වුවද එය ස්ත‍්‍රී දූෂණයක් ලෙස සැලකෙනවා.කෙසේ වෙතත් ස්ත‍්‍රියගේ වයස අවුරුදු 16ට වැඩි නම් ස්ත‍්‍රී දූෂණයක් වන්නේ පුරුෂයෙකු විසින් ඇය සමග බලහත්කාරයෙන් ලිංගිකව එක්වුවහොත් පමණයි.2015 වසරේ පළමු මාස 11 තුළ මනුෂ්‍ය ඝාතන 447ක් ද පොලිසියට වාර්තා වී තිබෙනවා. 2015 වසරේ පළමු මාස 9 තුළ සිදුව ඇති සියදිවි නසාගැනීම් සංඛ්‍යාව 2375ක්. 2015 වසරේ අත්අඩංගුවට ගෙන ඇති මත්කුඩු ප‍්‍රමාණය කිලෝග‍්‍රෑම් 46ක් වන අතර ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් ගණන විසි හයදහස් හාරසීය අනූ දෙදෙනෙකු වනවා

2015 වසරේ පළමු මාස 11 තුළ ස්ත‍්‍රී දූෂණ පිළිබඳ පැමිණිලි 1854ක් තමන් වෙත ලැබුණු බව පොලිසිය පවසනවා. විශේෂත්වයක් වන්නේ මෙම ස්ත‍්‍රී දූෂණවලින් සියයට 80කටත් වැඩි ප‍්‍රමාණයක් ස්ත‍්‍රියගේ කැමැත්තෙන් සිදුව තිබීමයි. පොලිස් ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කොළඹ අද (06) පැවැත් වූ මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණ කළා.
 
ශ‍්‍රී ලංකාව නීතියට අනුව වයස අවුරුදු 16ට අඩු තැනැත්තියක් සිය කැමැත්තෙන්ම පුරුෂයෙකු සමග ලිංගිකව එක්වුවද එය ස්ත‍්‍රී දූෂණයක් ලෙස සැලකෙනවා.
 
කෙසේ වෙතත් ස්ත‍්‍රියගේ වයස අවුරුදු 16ට වැඩි නම් ස්ත‍්‍රී දූෂණයක් වන්නේ පුරුෂයෙකු විසින් ඇය සමග බලහත්කාරයෙන් ලිංගිකව එක්වුවහොත් පමණයි. 
 
2015 වසරේ පළමු මාස 11 තුළ මනුෂ්‍ය ඝාතන 447ක් ද පොලිසියට වාර්තා වී තිබෙනවා. 2015 වසරේ පළමු මාස 9 තුළ සිදුව ඇති සියදිවි නසාගැනීම් සංඛ්‍යාව 2375ක්. 2015 වසරේ අත්අඩංගුවට ගෙන ඇති මත්කුඩු ප‍්‍රමාණය කිලෝග‍්‍රෑම් 46ක් වන අතර ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් ගණන විසි හයදහස් හාරසීය අනූ දෙදෙනෙකු වනවා.
- See more at: http://nethfm.com/article/92956#sthash.2L45FDAS.dpuf

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live