Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

Noziya-Karomatullo_Single-Releases_Coverදිගු කෙස් කළඹක් ඇති බෝනික්කියක් බඳු තරුණියක්, නොදන්නා බසකින් ගයන ගීතයක් මීට ටික කලකට පෙර අපේ රටේ ජනප්‍රිය වුණා.
“නගෝ ..නගෝ” ලෙසින් ජනප්‍රිය වූ මේ ගීතය ගායනා කරන්නේ තජිකිස්ථාන ගායිකාවක්. ඇගේ නම නොසියා කරොමටුල්ලා.
ඇගේ පියා තජිකිස්ථානයේ ජනප්‍රිය ගායකයෙකු වූ කරොමටුල්ලා ක්වොර්බෝනොව්. 1988 වසරේ පෙබරවාරි 07 වැනිදා උපතලද ඇය, ළමා වියේදීම සිය පියාගේ අඩිපාරේ යමින් සංගීතයට පිවිසුණා.

සංගීත උත්සවවලදී තම පියාගේ ගීත ගායනා කළ නොසියා, 2010 දී තම මුල්ම ගීතය නිකුත් කළා.
ඇය මුලින්ම ජනප්‍රියත්වයට පත්වුයේ හිප්හොප් ගායිකාවක් ලෙසයි. ඉන්පසු අරාබි භාෂාවෙන් පොප් සංගීතය සහ ඉන්දීය ඝසල් සංගීතයත් හැදෑරුවා.
තජිකිස්තාන්, අරාබි, හින්දි සහ උර්දු භාෂාවලින් ගීත ගැයීමට සමත්කම් දක්වන නොසියා, 2007 වසරේ ඉන්දියාවේ පැවති “කථක්” නර්තන උළෙලේ ප්‍රථම ස්ථානය දිනාගත්තා.
තජිකිස්ථානය වැනි දැඩි මතධාරි මුස්ලිම් රටක උපන් නොසියා, තමන් උපන් දේශයේ සංස්කෘතික අභියෝගවලට නොබියව මුහුණ දෙන්නියක්.
තමන් තම සංස්කෘතිය ලිහිල් කරන්නට යන්නේ ආදරයෙන් සහ සංගීතයෙන් මිස වයිරයෙන් නොවන බව නොසියා කියනවා.






Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live