Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත‍්‍රික් මන්ත‍්‍රීවරියකට අයත් රථයකින් සිදුකළ බව කියන පුද්ගල පැහැරගැනීමක් සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ තොරතුරු වාර්තාවුණා.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ තමාට අයත් රථයකින් මෙම පැහැර ගැනීම සිදුකළ කණ්ඩායම හා පැහැර ගැනීමට ලක්වූ පුද්ගලයා පොලිසියට භාරදීමට මන්ත‍්‍රීවරිය පොරොන්දු වී ඇති බවයි.

කෙසේ වෙතත් මේ වනතෙක් එවැනි බාරදීමක් සිදු නොවූබව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළා.
එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රිනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියට අයත් ඩිෆෙන්ඩර් රථයකින් මෙම පැහැරගැනීම සිදුකර ඇත්තේ ඊයේ පස්වරුවේ.
දෙමටගොඩ බේස්ලයින් පාරේ පිහිටි වෙළඳසැලක සේවකයෙක් මෙලෙස පැහැරගෙන ගොස් තිබෙනවා.
පොලිසියට ලැබුණු පැමිණිල්ලක් අනුව කළ CCTV කැමරා දර්ශන පරික්ෂාවකින් හෙළිවූ පරිදි එම රථය හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියට අයත් එකක් බව තහවුරු වුණා.
කෙසේ වෙතත් මන්ත‍්‍රීවරිය පොලිසියට පවසා ඇත්තේ මෙම පැහැර ගැනීමට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.
නමුත් පැහැරගැනීම සිදුකල කණ්ඩායම, පැහැරගත් පුද්ගලයා සහ අදාල වාහනය කොළඹ අපරාධ කොට්ටාසයට බාරදෙන බවට ඇය එහිදී පොරොන්දුවී තිබෙනවා. කෙසේ වෙතත් තවමත් එවැනි බාරදීමක් සිදුවී නොමැති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය අප කළ විමසීමකදී සඳහන් කලා.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live