Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

ඉතින් කොහොමද ධනංජය?
ගොඩක් සතුටින් ඉන්නවා.
 ඔයතරම් සතුටු බිරිඳ ලංකාවේම පදිංචියට පැමිණීම නේද?
ඔව්. විවාහ වෙලා එක ගෙදරක පදිංචි වුණත් අපි දෙන්නට එකට ඉන්න ලැබුණේ ඇගේ නිවාඩුවට විතරයි. හේතුව ඇය ගුවන් සේවිකාවක වීම. දැන් ඇය රැකියාවෙන් ඉවත් වෙලා සම්පූර්ණ කාලය මාත් එක්ක ගත කරන්න ඇවිත් ඉන්නේ.
 ඒක ධනංජයගේ තීරණය මත සිදුවූ දෙයක්ද?
නැහැ. ඇය 2015 අගෝස්තු මාසය වනවිට රැකියාවෙන් ඉවත් වන බවට කලින්ම තීරණය කරලා තිබුණේ.
 දැන් ජීවිතය කොහොමද?

දැන් ඇය හැමදාම මා ළඟ. දැන් තමයි මං හිතන්නේ අපි දෙන්නගෙ ජීවිතය පටන් ගත්තේ. බිරිඳක් විදියට, ගෘහණියක් විදියට ඇය ඇගේ උපරිම කටයුතු සිදුකරනවා.
 ධනංජය පුරුදු විදියට රඟපෑම් කටයුතුවල යෙදෙනවා?
ඔව්. මම පුරුදු විදියටම මගේ රඟපෑම් කටයුතුවල යෙදෙනවා. මගේ බිරිඳ නළු සැමියකුගේ කාර්යබහුලකම වටහා ගන්නේ දැන්. ඇයි ඉතින් අපි වෙනත් වෘත්තිකයන් වගේ පැය ගාණකට සීමාවූ රැකියාවක් නමෛයිනේ කරන්නේ. නිරතුරුවම වගේ ගෙදරින් පිට ගෙවන්න වෙනවා.
 ගේ දොර කටයුතුවලට ධනංජයගේ සහයෝගය ලැබෙන්නේ නැද්ද?
මම ගෙදර ඉන්න දවසට ඇගේ කටයුතුවලට සහයෝගය දෙනවා.
 වෘත්තියෙන් ඉවත් වෙලා සම්පූර්ණ කාලය ගෘහණියක වීම ඇයට මොන වගේ අත්දැකීමක්ද?
සැලසුම් සහගතව වැඩ කරන්න, තමන්ගේ සියලුම කටයුතු තනියම කරගන්න ඇය හුරුවෙලා තිබුණෙත් වෘත්තිය හින්දා. අද මාවත් සියලු පාලන කටයුතු වගේම මගේ කටයුතුත් හොයලා බලලා කරන්න තරම් ඇයට හැකිවෙලා තියෙන්නෙත් ඒ හුරුව නිසා. රැකියාවෙන් ඉවත් වුණත්, අද ජීවිතයත් කාර්යබහුල හින්දා ඇයට පාළුවක් දැනෙන්නේ නැතුව ඇති.
 බිරිඳට හොඳ ගායන කුසලතාවක් තියෙන බව ධනංජය එක වතාවක පැවසුවා?
ඔව්. ඇයට හොඳ ගායන කුසලතාවක් තියෙනවා.
 දැන් විවේකයක් තියෙන හින්දා ඒ තුළින් යමක් කරන්න ඇයට පුළුවන්නේ?
ඇය ඇගේ දක්ෂතා තුළින් යමක් කළොත් මම ඊට උපරිමයෙන් සහයෝගය දෙනවා. සමහරවිට ඉදිරියේදී ඇය ගායනා තුළින් යමක් කරාවි.
 රඟපෑමට යොමුවන එකක් නැද්ද?
සැමියා නළුවකු වීම බිරිඳකට රඟපෑමට සුදුසුකමක් නමෛයි. රඟපෑම කියන්නේ වෙනත් විෂයයක්. මම හිතන්නේ නැහැ ඇය තමන්ට නුහුරු දේකට යොමුවේ කියලා.
 ඉතින් දැන් ඉදිරි ජීවිතේ ගැන සැලසුම් ගොඩාක් ඇති?
සාමාන්‍ය අඹු-සැමි යුවළකගේ හිතේ තියෙන බලා‍පොරොත්තු සැලසුම් අපි දෙන්නටත් තියෙනවා. ඒ අතර තුර කලාකරුවකු විදියට හැමදාම වගේම හොඳ නිර්මාණවලට දායක වීමේ ආශාව මට තියෙනවා. ඒ හැම අරමුණක්ම ඉටුකර ගනිමින් සතුටින් ජීවිතය ගෙන දැමීම තමයි බලා‍පොරොත්තුව.
 

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live