ගුවන් හමුදා ප්රකාශක විං කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න මහතා පැවසුවේ, අද උදෑසන 6.16ට ගුවන් නියමුවා එම දැනුම් දීම කර ඇති බව ය.
ඉන්පසු යානය අනතුරට ලක්වන අවස්ථාවේ එහි ගුවන් නියමුවා ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් 5 දෙනෙකු සිට ඇත.
පොලීසිය පැවසුවේ, ගුවන් අනතුරින් කාර්ය මණ්ඩල සාමාජිකයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව එක් අයෙකු දිවි ගලවා ගත් බව ය.
ජීවිතක්ෂයට පත් සිව් දෙනාගේ නම් මෙසේ ය.
Squadron Leader J.M.W.N. Abeywardena
Flight Lft. A.A.D.T. Amaratunge
Flight Sgt. M.W.L. Priyantha
Copral W.W.A.N. Wijeyaratne
මේ අතර, එම ගුවන් අනතුරින් නිවාස 3කට ද හානි සිදු විය.
යානය එලෙස අනතුරට ලක්ව ඇත්තේ, කටුනායක සිට රත්මලාන ගුවන් තොටුපොළ දක්වා පියාසර කරමින් තිබියදී ය.