ලංගම බස් රථයයක් පසුපසින් යාම වසර 10ක් දුම් බිව්වා හා සමාන බව මහරගම පිළිකා රෝහලේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන මහතා පවසයි.
ඔහු මෙසේ පැවසුවේ බද්දේගම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පැවැති දැන්වත් කිරීමේ වැඩසටහනේ ප්‍රධාන දේශනය පවත්වමිනි.
ඒ මහතා එහිදී මෙසේද කීය.
‘ලංගම බස් රථ දුම් පරීක්ෂණයට ලක්කරන්නේ නැහැ. දුම් දමාගෙන තමයි මාර්ගයේ බස් රථ ධාවනය වන්නේ. ඒ බසයක් පිටුපසින් ගමන් කළහොත් හරියට වසර දහයක් තිස්සේ දුම් බිව්වා වගේ තමා’