එංගලන්තයේ පිහිටි ප්‍රමුඛ පෙළේ කාන්තා යට ඇඳුම් විලාසිතා නිෂ්පාදන ආයතනයක් වන ‘Victoria’s Secrets’ ආයතනයේ වාර්ෂිකව නවතම කාන්තා යට ඇදුම් විලාසිතා දැක්මක් පවත් වනවා.
2014 සඳහා වන විලාසිතා දැක්ම පසුගියදා ලන්ඩනයේ අර්ස් කොතිදී පැවැත් වුණා.මෙම විලාසිතා දැක්මේදී නානා විධ විලාසිතාවන්ගෙන් යුත් යට ඇඳුම් නිරූපිකාවන් විසින් ප්‍රදර්ශනය කළ අතර එහිදී ඩොලර් මිලියන 2කට අධික වටිනාකමක් සහිත යට ඇඳුම් දෙකක්ද එකතු වී තිබුණා.
එම අධික වටිනාකමකින් යුත් යට ඇඳුම් සඳහා මැණික් ගල් හා දියමන්ති 16000කට අධික ප්‍රමාණයක් හා කැරට් 18 රත්‍රන් දම්වැල් භාවිතා කරමින් මෙම යට ඇඳුම නිර්මාණය කර තිබුණා. මෙම නිර්මාණය සඳහා පැය 1380ක කාලයක් ගත වී තිබෙනවා.
එම වටිනා යට ඇඳුම් විලාසිතාව සහ ඊට එක් වූ තවත් විලාසිතා පහතින් බලන්න.