Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

ගාල්ල රිච්මන්ඞ් විදුහ‍ලේ දීප්තිමත් ශිෂ්‍යයකු වූ අසේල පෙරේරා නිවසින් අතුරුදන් වූයේ ඉකුත් 12 වැනිදාය. ඒ සිද්ධියට සතියක් ගත වී ඇතත් පෙරේදා වනතුරා ඔහු ගැන හරිහමං ආරංචියක් නොවීය. ගාල්ල පමණක් නොව මුළු රටම අසේලගේ හදිසි අතුරුදන්වීම ගැන අවධානය යොමු වූයේ ඒ පිටුපස විශාල අබිරහසක් තිබෙන බැවිනි. අසේලගේ අතුරුදන් වීම පිටුපස ඇති බව පැවසෙන්නේ ෆේස්බුක් සිද්ධියකි.
අසේල ජීව විද්‍යා විෂය ධාරාවෙන් අ‍පොස උසස් පෙළ විභාගයට පෙනී සිටියේ ගිය අගෝස්තුවේදීය. ඔහු පෙරුම් පුරමින් සිටියේ
විභාගයෙන් උසස් ලෙස සමත් වී සරසවි යන්නටය. ඔහු පදිංචි වී සිටියේ ගාල්ලේ ක්‍ලේගානේය.

අසේල කුඩා කල සිටම අධ්‍යාපනයට ඉතා දක්ෂකම් පෙන්වූ ශිෂ්‍යයෙකි. ඔහු ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් විවිධ නිර්මාණ රැුසක් කර ඒ තුළින් සහතික සම්මාන පවා දිනා ගත්තේය. කවි, ගීත රැුසක් නිර්මාණය කර ඇති අසේල මේස හා පිහිනුම් යන ක‍්‍රීඩාවලටද එකසේ දක්ෂතා දැක්වීය. අසේලගේ පියා ගාල්ල ගිංතොට ධර්මපාල විද්‍යාලයේ විදුහල්පති ජගත් පෙරේරාය. සිය පුතුගේ අතුරුදන්වීම ඔහුට අදහා ගත නොහැකිය. රාත‍්‍රියේ නිවසේ සිටි පුතා හරියට හොරු අරන් ගියා සේය.
මාගේ පුතා හැමදේටම දක්ෂතා තිබුණ ළමයෙක්. එයාට විවිධ තර්ජන තිබුණා කියලා එයා ගෙදර ඇවිත් කියනවා අරය ගහනවා කිව්වා කියලා. එක එක දේවල් කිව්වා. එයාට සමහර යාළුවෝ බොරුවට විහිලූවටත් බය කරලා තියෙන අවස්ථා තිබෙනවා. එයා එවැනි විහිළුවක් කළත් ඒ ගැන ගෙදර ඇවිත් කල්පනා කරනවා. මම විදුහල්පති ධුරය දරන පාස‍ලේ ඉංග‍්‍රීසි මාධ්‍ය ක‍්‍රමය ගෙන එන්න මං මගේ පුතාට ලබාදුන්න දැනුම හා ක‍්‍රමවේදය භාවිත කළා. එයා නිසා මං තවත් ළමයි සිය ගණනකට දෑස් පාදන්න ඉංග‍්‍රීසි මාධ්‍ය භාවිතා
කළා. ඒ නිසා තමයි මාගේ පාසලත් අද ජනප‍්‍රිය පාසලක් බවට පත් කරන්න මම හයියක් වුණේ. මං හිතුවා මගේ දරුවාට වගේම අනෙක් දරුවන්ටත් ඒ දැනුම දෙන්න. ඒකට මගේ මේ පුතා ලොකු පිටුවහලක් වුණා. අසේල පුතා අතුරුදහන් වූ දවසේ එයා ගොඩක් කල්පනා කර කර හිටියේ බයෙන් වගේයි. එයා ඒ ගැන මටත් අම්මාටත් කිව්වා එයා අම්මා ළග තමයි එදා ? නිදා ගත්තේ.
පසුගිය 12 වැනිදා රාත‍්‍රිය අසේලගේ පවු‍ලේ අයට නම් එතරම් හොඳ රාත‍්‍රියක් නොවීය. අසේලගේ මව ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ ගුරුවරියකි.
‍පොලීිසියට වාර්තාවී ඇති ආකාරයට අනුව අසේල අතුරුදන් වන්නේ ක්‍ලේගානේ පිහිටි නිවසේ සිටියදීය. එදා ?බෝවනතුරුම අසේල සිට ඇත්තේ අන්තර්ජාලයේ සැරිසරමිනි. නින්දට යන්නේ මධ්‍යම රාත‍්‍රියේදීය. එහිදී යම්කිසි දෙයකට බියට පත්වූ ඔහු බඬේ රුදාවක් යැයි කියමින් මවට කෝපි කෝප්පයක් සකස්කර දෙන ලෙස ඉල්ලා තිබිණි. එවිට වේලාව අලූයම 1.00 ට පමණ ඇත. අසේලගේ මව ඇහැරී සිය පුතාට කෝපි කෝප්පය සකසාගෙන කාමරයට එන විට අන්තර්ජාලයේ සැරිසරමින් සිටි අසේල පෙනෙන්නට නොවීය. නිවසේ හැම තැනම බැලූවත් අසේලව සොයාගන්නට නොහැකි විය. ගේ මිදු‍ලේත් නොවීය. බැරිම තැන අහල පහලද සොයා බැලූවේය. අසේල ඒ කිසිදු තැනක නොවීය.
ර්‍මම කෝපි කෝප්පය හදාගෙන ඇවිත් බලනකොට පුතා හිටියේ නැහැ. ගෙයි හැමතැනම පුතාව බැලූවා. ගේ වටේම බැලූවා. පස්සේ පාරට දිව්වා. ක්‍ලේගාන හන්දියේදී ‍පොලිස් ජීප් එකක් හම්බ වුණා. ඒ අයගෙනුත් මම පුතා ගැන ඇහුවා. එයාල පුතාව දැකල නැහැ. දරුවව හොයන්න තියෙන හැම තැනකම හෙව්ව. හොයාගන්න බැරි තැනයි ‍පොලීසියට ගිහින් ඒ ගැන කියුවේ”

අසේලගේ මව තම දරුවාගේ අතුරුදන්වීම ගැන කියන්නේ එසේය. ඇය මේ වන විට දැඩි කම්පනයකට ලක්ව සිටින්නේ දරුවාගේ ජීවිතයට අනතුරක් වී දැයි සිතාගන්නට බැරිවය. ඇය උදේ හවා දෙවියන් යදින්නේ දරුවාට අනතුරක් නොවන්නට කියාය.
අසේලට ෆේස්බුක් ගිණුමක් පරිහරණය කරන්නට දෙමාපියන්ගෙන් අවසරයක් ලැබි ඇත්තේ උසස් පෙළ විභාගයෙන් පසුවය. ඒ ඔස්සේ අසේලට යම් පුද්ගලයෙකුගෙන් තර්ජනයක් එල්ලවී ඇති බව සඳහන්ය. අසේලගේ පියා සඳහන් කරනුයේ ඒ බව පුතා තමන්ට පවසා තිබුණූ බවය.
ර්‍ණපුතා මට කියුවා, පුතාට ලැජ්ජ හිතෙන දෙයක් ඒ අය කරන්න යනව කියල.” අසේලගේ පියා ඒ ගැන පවසන්නේ එසේය.
ඒ නිසාම තම ආත්ම ගෞරවයට හානි කරන යමක් කිසිවෙකු විසින් ෆෙස්බුක් මගින් සිදුකරතැයි සිතමින් දැඩි මානසික පීඩාවකින් අතුරුදන් වූ දින දක්වාම අසේල සිටි බව සඳහන්ය.
අසේලගේ පියා පවසන්නේ මේ ආකාරයේ කතාවකි. මේ දරුවා ගහන මරණ වගේ දේවල් කියනවාටත් බයයි. කවුරු හරි මේ ගැන ෆේස්බුක් එකෙන් දැනගෙන මේ දරුවාට තර්ජනය කළා. මේ දරුවා ඒ වගේම අම්මාට කෝපි එක හදන්න කියපු වේලාවේ මේ දරුවාට කියලම දොර ඇරගෙන උස්සගෙන ගියාද දන්නේ නැහැ. මට තියෙන සැකේ ඒක. දැන් මේ දරුවාගේ

ෆේස් බුක් ගිණුම කවුදෝ හැග් කරලා තියෙන්නේ. එයින් තොරතුරු ලබාගනීවි කියලා බලන්න. මේ ෆේස්බුක් එක කළ විනාශයක්. මෙයාට මෙයිට කලිනුත් ගිණුමක් තිබුණු එකෙන් තර්ජන ආ නිසා ඒක අයින් කරලා අලූතින් ගිණුමක් ඇරලා තිබුණා. ඒකටත් විවිධ තර්ජන ආවා කියලා පුතා කිව්වා.
මේ සිද්ධිය වී දින දෙකකට පසුව ගාල්ල වටරැුක ප‍්‍රදේශයේ ඇලෙහි පා වෙමින් තිබූ නාඳුනන තරුණයකුගේ මළසිරුරක් පසුගිය 16 වැනිදා උදෑසන සොයාගෙන තිබූ අතර එම මළසිරුර බොහෝ සෙයින් නරක් වී සතුන් විසින් කා දමා හඳුනා ගැනීමට නොහැකි තත්ත්වයේ වූ අතර එම සිරුර තම දරුවාගේ නොවන බවයි අසේලගේ පියා කියා සිටින්නේ.
මගේ පුතා එදා ? ඇඳන් හිටියේ නිල්පාට කොට කලිසමක්. මේ මළ සිරුරේ තිබුණේ එවැනි කලිසමක්. නමුත් එම රෙදි දෙකේ වෙනසක් තිබුණා. මම බලධාරීන්ට කිව්වා කොයිදේටත් ඞී.එන්.ඒ. පරීක්ෂණයක් කරන්න කියලා.
මේ අතරතුර කාලය තුළ අසේල විවිධ ප‍්‍රදේශවලදී දැක්ක බවටත් කටකතා පැතිර යන බවත් අසේලගේ පියා පවසන්නේය.
කෙසේ නමුදු ඒ කතා තහවුරු කරන්නට ඇසින් දුටු අයෙක් මේ දක්වා ඉදිරිපත් වී නැත.
සැබෑ ලෙසම අසේල අතුරුදන් වන්නේ ෆේස්බුක් මුල්කරගෙන ඔහුට එල්ලවූ තර්ජනය හේතුවෙන් ද නැති නම් ෆේස්බුක් මුල්කරගත් යම් සිදුවීමකට අසේලද වගකිව යුතු බැවින්ද යන්න පිළිබදව කිසිවක් මතෛක් අනාවරණය වී නැත. අඩුම තරමින් අසේලට සිදුවූයේ කුමක්දැයි තවමත් ඇත්තේ අබිරහසක් ලෙසිනි. මේ අබිරහස විසඳන්නට ‍පොලීසිය කොතරම් උනන්දුවකින් උත්සහයක් ගන්නේ දැයි ඇත්තේ ගැටලූවකි. ඒ අසේලගේ අතුරුදන් වීමට මුල්වූයේ යැයි සඳහන් ෆේස්බුක් ගිණුම වත් පරීක්ෂා කරන්නට වගබලාගෙන නැති බැවිනි. ඒ ගැන ‍පෝද්දල ‍පොලීසියෙන් විමසූ කල වගකිව යුතු නිලධාරියෙක් සඳහන් කරනු ලැබුවේ අධිකරණයට ඒ ගැන දැනුම් දී ඉදිරියේදි ෆේස් බුක් ගිණුූම පරීක්ෂා කරන්නට බලා‍පොරොත්තු වන බවය. ඒ බව ‍පොලීසිය සඳහන් කරන්නේ 19 වෙනිදාය. ඒ වන විට සිසුවා අතුරුදන්ව සතියක් ගතවී හමාරය. මෙතරම් කාලයක් ගතවන තුරු අසේලගේ ෆේස්බුක් ගිණුම පරීක්ෂා කරන්නට ‍පොලීසිය පියවරක් නොගැනීම ගැටලූ සහගතය. ඒ තුළින් පෙනී යන්නේ ‍පොලීසියේ කාර්යක්ෂමතාව කෙබඳුදැයි කියාය.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live