Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

මෛත්‍රී පාලනයක් ගොඩනැගීමේ එකඟතාවයන් සති දෙක තුනක් වැනි කෙටි කාලයකින් ඇතිකර ගැනීමට හැකියාව තිබේද? යන්න ගැටලු සහගත වන බව විමල් වීරවංශ ප්‍රශ්න කරයි.බණ්ඩාරනායක මාවතේ ඉදිකළ නිවාස 546කින් සමන්විත “සිරිමුතු උයන“ මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේ පෞද්ගලික කෝන්තර පොදු කෝන්තර බවට පත්කරගනිමින් මෛත්‍රී පාලනයක් රට තුළ ගොඩ නැගීමේ පටු මෙහෙයුමක කුමන්ත්‍රණකාරී බලවේග නිරතව සිටින බවයි.
"එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා 2005 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙද්දි, සභාපතිතුමිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලය ඇරියේ නෑ, එකදු ඡන්ද පත්‍රිකාවක්, ඡන්ද පෝස්ටරයක් හදලා දුන්නේ නැහැ. ගණන් හදලා කිව්වා මහින්ද රාජපක්ෂට දිනන්න බැහැ කියලා. එහෙම කුමන්ත්‍රණ මැද්දේ තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපති වශයෙන් පත්වුණේ. අදත් ඒ වගේ කුමන්ත්‍රණ සීයක් ආවත්, මේ රටේ ජනතාව මහින්ද රාජපක්ෂ මහතාව තුන්වන වරටත් ජනාධිපති කරලයි පස්ස බලන්නේ."

"මේ යුද්ධය ඉවරකරපු නායකයාව එලවන්න රටවල් දෙක තුනක තානාපති කාර්යාල වලට ඕනෑකම තියෙනවා, කොටි ඩයස්පෝරාවට ඒ ඕනෑකම තියෙනවා, අහිංසක දෙමළ ජනතාවට නෙවෙයි ඔවුන්ටයි ඒ ඕනෑකම තියෙන්නේ. ඔවුන්ට ඕනේ ජනාධිපති මහින්ද රාජපක්ෂ නැති රටක්, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ නැති රටක්, තමන්ට ඕන ඕන විදියට නටවන්න පුළුවන් පඹයෙක් පාලනය කරන අස්ථාවර රටක්."
"ඒ ඕනෑකම ඉටුකරගන්න 2010 දී යුද්දෙ ඉවර කරලා සතියකින් යුධ හමුදාපතිතුමාව ජනාධිපති අපේක්ෂක ලෙස පත්කළා. මේ ජනාධිපති අපේක්ෂකයොත් පත්කරගන්නේ හදිස්සියේ ආප්ප හදනවා වගේ. මේ ආප්ප හදනවා වගේ ජනාධිපති අපේක්ෂකයෝ හැදෙන්නේ මොන රටකද? වෙන කොහෙවත් නැහැ ලංකාවේ විතරයි. ලංකාවෙත්, විපක්ෂයේ විතරයි. ඒ අතින් ගත්තම රනිල් වික්‍රමසිංහ කියන්නේ සෑහෙන දක්ෂයෙක්. ක්‍රිකට් පොත අනුව කියනවා නම් පන්දුව නිදැල්ලේ යවන්න දක්ෂයෙක්. දැන් එදා ඒ යොදාගත්ත අපේක්ෂකයා තනිවෙලා. ෆොන්සේකා මහත්තයාම ඒ බව කියනවා. මේවා අහ අහ මේකට බෙල්ල දෙන බිල්ලෙක් හොයාගත්ත ආකාරය ගැන මට පුදුමයි. දැන් විපක්ෂයට ඉදිරිපත් කරන්න අපේක්ෂකයෙක් නැති නිසා, ඔවුන්ගේ අපේක්ෂකයා හොයනවා ආණ්ඩු පක්ෂයෙන්. එතකොට කෝ තරගයක්? පෞද්ගලික කෝන්තර පිරිමහන්න කට්ටිය එහෙට මෙහෙට යයි, නමුත් රටේ ජනතාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව දිනවනකන් මේ සටන අතහරින්නේ නැහැ."
"දැන් කියනවා මෛත්‍රී පාලනයක් ගැන, මේ ගැන ඇහුවාම මුලින්ම හිතුණේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නෝනාවත් එනවද කියලා. ඒ නෝනා නෙවෙයි, පරණ නෝනාවයි එක්කන් ඇවිත් තියෙන්නේ. අනෙක් ජනාධිපතිවරු විශ්‍රාම ගියාම කරදර නොකර හිටියා. ඒත් මේ නෝනාට බැහැ එහෙම ඉන්න. රටක් ජාතියක් ගැන නොහිතා, පෞද්ගලික කෝන්තර මත, තමන්ගේ තනතුරු අතහැරලා දාපු එක එක කුමන්ත්‍රණ කල්ලි වලට බැහැ මේ රටේ ජනතාවගේ මතය වෙනස් කරන්න."
"මේ ආණ්ඩුවට එරෙහිව සටන් පාඨයක් නැහැ. රට බෙදපු ආණ්ඩුව කියන්න බැහැ, විජාතිකයින්ට රට විකුණපු ආණ්ඩුව කියන්න බැහැ, රාජ්‍ය අංශය දුර්වල කරපු ආණ්ඩුව කියන්න බැහැ, රටට වැඩ නොකරපු ආණ්ඩුව කියන්න බැහැ. ඒවා කියන්න බැරි නිසා ඔවුන් කියනවා පවුල් හවුල එලවමු කියලා. තමන්ගේ දෙමව්පියන් වැඩ කළ හැකි දරුවෝ හැදුවට ජනාධිපතිතුමා මොනා කරන්නද? සහෝදරයෝ නිසා වැඩ කළ හැකි අය ඉවත් කරන්නද? ආරක්ෂක ලේකම් වශයෙන් ගෝඨාභය රාජපක්ෂ නොහිටියා නම් යුද්දෙ ඉවරවෙයිද? මේ කල්ලි වලට අද වෛරය වපුරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ."
"මෛත්‍රී පාලනය ගැන සාකච්ඡා කරන්න අරන් සති තුනලු. සති තුනකින් කොහොමද මේවා කරන්නේ? දේශපාලනයේදි කොහොමද ආප්ප දානවා වගේ සති දෙකන් තුනෙන් වැඩ කරන්නේ. සති දෙකෙන් තුනෙන් කරන්නේ කසිප්පු පෙරනවා වගේ හොර වැඩ. ඊයේ රෑත් ජනාධිපතිතුමා එක්ක රෑ කෑම අරන් ඔය ගියේ. එහෙම කෙනෙක්ට ජනාධිපති වෙන්න පුළුවන්ද? පොදු අපේක්ෂකයා කියලා නම නොගිය කෙනෙක් අද පොදු අපේක්ෂකයා වෙලා තියෙනවා. එහෙම වෙලා තියෙන්නේ හොරෙන්, යටින් කරපු කුමන්ත්‍රණයක් නිසා නෙවෙයිද?"
"බොරු කැටයම්, ඉමිටේෂන් සටන් පාඨ දාගත්ත අවස්ථාවාදී කල්ලි වලට සංවර්ධනය වෙමින් ඉදිරියට යන මේ අපේ රට නැවත ආපස්සට අදින්න දෙන්න බැහැ. ඒ නිසා ජාතියක් වශයෙන් මේ අභියෝගය හිතට ගෙන රට වෙනුවෙන් මේ අවස්ථාවේදී එක්රොක් විය යුතු බව අප වටහාගත යුතුයි. ”

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live