මහජන සම්බන්ධතා ඇමැති ආචාර්ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා බම්බලපිටිය රාත්‍රී සමාජ ශාලාවකදී ස්‌කොට්‌ලන්ත ජාතික ඡේම්ස් ප්‍රැන්සිස් ගේ පෙම්වතිය වූ බෙලින්ඩා මැකැන්සි හට ලිංගික අතවර කරන්නට යැම හේතුවෙන් ඔවුන් අතර ගැටුමක් ඇති වූ බව විදේශ යුවළ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අවේන්ද්‍ර රොද්‍රිගු ඊයේ (11 දා) කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ කියා සිටියා.
සැකකාර මාලක සිල්වා සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය වාර්තාව ඊයේ කැදවු අවස්තාවේ අනාවරණය වුයේ මාලක සිල්වාට බරපතළ තුවාල සිදුව ඇති බවයි.
තංගල්ලේදී බ්‍රිතාන්‍ය ජාතිකයකු ඝාතනයට ලක් වී ඔහුගේ පෙම්වතිය දූෂණයට ලක්‌වීමේ පුවතින් ඔවුන් දැඩි ලෙස කම්පනයට පත්වී ඇති බවත් දේශපාලනමය හෝ වෙනයම් කරුණක් හේතුවෙන් පැමිණිලිකාර තමන්ට බලපෑම් එල්ලවේ යෑයි ඔවුන් බියට පත්වී සිටින බව විදේශ යුවළ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අවේන්ද්‍ර රොද්‍රිගු අවධාරණය කළා.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය කරුණු දක්‌වමින්, සිද්ධිය වන විට සිය සේවාදායක මාලක සිල්වා සැකකරු එතැන සිටි බවට පිළිගන්නා බවත් ඒ සඳහා දිවුරුම් ප්‍රකාශයක් ලබාදෙන බවත් කියා සිටියේය.
ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය - අපි පිළිගන්නවා එතැන සිටි බවට. ඒ නිසා හඳුනා ගැනීමට පෙරට්‌ටු තියන්න ඕනේ නෑ. පොලිසිය උසාවියට දාලා තියෙන වාර්තාව අනුව මෙම චෝදනා ඇප දිය හැකි, සමථ මණ්‌ඩලයට යා යුතු පැමිණිල්ලක්.
ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ - මෙහි පළමු පැමිණිලිකරු අපියි. මාලක සිල්වාටයි සුද්දා ගැහැව්වේ. ඔහුට සැත්කම් දෙකක් කරලා තියෙනවා. ඇපමත මුදාහැරීමට ඔහු උසාවිය මගහරින කෙනෙක් නොවේ. තාත්තා ඇමැති කෙනෙක්. වින්දිතයා චූදිතයා වෙලා. චූදිතයා වින්දිතයා වෙලා. පොලිසිය සුද්දාව හොයාගෙන ගිහින් කටඋත්තර අරන් පැමිණිල්ල හැදුවේ. සුද්දා අපිට ගැහැව්වාට දාපු පැමිණිල්ලට පොලිසිය පියවර අරන් නෑ.
විදේශීය යුවළ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අවේන්ද්‍ර රොද්‍රිගු - මේ ගැටුම ඇති වුණේ සැකකාර මාලක සිල්වා විදේශීය කාන්තාවට ලිංගික අතවර කරන්න ගිය නිසයි. ඔවුන් මේ රටට ආවේ සංචාරය කරන්න. මීට ඉස්‌සර සංචාරයට ආපු බ්‍රිතාන්‍ය ජාතිකයකු ඝාතනය වෙලා ඔහුගේ පෙම්වතිය දූෂණයට ලක්‌වීම ගැන ඔවුන් දැනගෙන බයට පත්වෙලා. මේ රටේ නීතිය ගැන ඔවුන් දන්නේ නෑ. දේශපාලන බලපෑම් ඔවුන්ට එල්ල වෙයි කියා කම්පනයට පත්වෙලා ඉන්නේ. මේ පැමිණිල්ලේදී නිසි ක්‍රියා මාර්ග නොගතහොත් එය රටට අපකීර්තියක් වෙනවා.