Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

මෙවර විශ්ව රූ රැජිණ තරගය දැඩි ලෙස කතා බහට ලක්වුණේ අවසන් මහා තරගයේ දී නිවේදකයා 'පිස්සු කෙළිය' නිසාවෙන්. ඒ අනුව  දෙවෙනි ස්ථානය හිමිකරගත්  කොළොම්බියාවේ තරඟකාරියට කිරුළ පැළඳවූවා. කෙසේ වෙතත් ඇයට එහි අයිතිය ලබන්නට වැඩි කාලවේලාවක් හිමි වුයේ නැහැ. නිවේදකයා සමාව අරගෙන වැරද්ද සකස් කළා.


ඇමෙරිකාවේ ලාස් වේගාස් හිදී  පසුගිය 20 වනදා  මිස් යුනිවර්ස් තරගාවලියේදී අනුශුරතාව දිනු සුරූපිනියට  ශුරතාව ලබාදීමේ සිදුවීම  ගින්නක් සේ  පැතිර ගියා. අන්තර්ජාලය ඇතුළු ලොව  සියලු  මාධ්‍ය පාහේ  ආන්දෝලනාත්මකව වාර්තකර තිබුණා.

කොළොම්බියාවේ අරියද්නා ගුටරෙස් Ariadna Gutierrez -  මිස් යුනිවර්ස්  අනුශුරතාව නිල වශයෙන් හිමිකර  ගත්තා.



නිවේදකයාගේ වරද නිසා අරියද්නා විශ්ව රූ රැජිණිය බවට පත්වූයේ විනාඩි  හතර හමාරකට  පමණයි. මේ නිසාම එහි කිරුළ ජයගත් පිලිපීන තරගකාරියටත් වඩා ඇය ගැන විශාල ප්‍රසිද්ධියක් ඇතිවුණා.

මේ ප්‍රසිද්ධිය හිමිකරගත් ලෝක සුරුපිනියන්ගෙන් දෙවෙනියා වුණු අරියද්නා ට අමුතු ආරාධනාවක් ලැබිලා. ඒ නිල් චිත්‍රපටයක රඟපාන්නට.

                                                                 -සමාගමේ  ආරාධනාව-



එම අවස්ථාව ලබා ගන්නේ නම් ඩොලර් මිලියනයක මුදලක් ගෙවන බව නිල් චිත්‍රපට සමාගම පවසනවා. ආරාධනාව  කර ඇත්තේ ලොව ප්‍රකට විවිඩ් එන්ටර්ටේන්මන්ට් Vivid Entertainment  සමාගමයි.

-විවිඩ් එන්ටර්ටේන්මන්ට් (Vivid Entertainment) හිමිකරු Steven Hirsch--



අරියද්නා අවසන් තරගයේදී සිදුවූ අපකීර්තිය වෙනුවෙන් නීතිය හමුවට යනු ඇතැයි කතා පැතිරුණා.



සිද්ධියෙන් පසු  නිහැඬියාවක සිටි ඇය ට්විටර් පණිවිඩයක් තබමින් තමාව සැනසූ සියල්ලන්ට ස්තූතිකර නව රූප රැජිණියටද සුබ  පැතුවා.

කොළොම්බියාවේ නිරූපිකාවක හා රූපවාහිනී නිවේදිකාවක ලෙස කටයුතු කරන  Ariadna Gutierrez -  නිල් චිත්‍රපට යෝජනාව ගැන තවම ප්‍රතිචාර දක්වා නැහැ.



 

 







  







Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live