Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

මීටියාගොඩ තොටගමුව මාර්ගයේ බොරකඩිත්ත කන්ද ප‍්‍රදේශයේදී අලුත්වල දෙසට ධාවනයවූ යතුරු පැදියක් ඉදිරියෙන් ධාවනයවූ ගල් රෝලකට ඉස්සර කිරීමට යාමේදී ගල් රෝලේ ගැටී කාන්තාවක් මියගොස් තිබෙනවා.
අනතුරින් යතුරු පැදියේ ගමන්කළ පසු පැදිකාරිය සහ කුඩා දරුවන් දෙදෙනෙකු ආරච්චිකන්දරෝහලට අතුලත් කිරීෙමීදී පසු පැදිකාරිය මියගොස් ඇත.

මියගිය තැනැත්තිය වයස අවුරුදු 23ක්වූ මානංගොඩ බටපොල ප්‍රදේශයේ පදිංචිකාරියකි. මෘත ශරීරය ආරච්චිකන්ද රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්‍ෂණ අද (28) දින සිදු කිරීමට නියමිතයි. අනතුර සම්බන්ධයෙන් ගල් රෝල රියදුරු අත්අඩංගුවට ගෙන ඇත. මීටියාගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live