Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

CSN රූපවාහිනිය මාර්තු මස 01දා සිට වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර ඇතැයි වාර්තාවේ. ඒ අනුව මේවන විට සේවකයන් 30 දෙනෙකුට වන්දී ලබා දී අයතනයෙන් ඉවත් කිරීමද සිදුව තිබේ.
ඉතිරි ඉතිරි සේවකයන් කිහිප දෙනා ඊයේ සිට නිවාඩු යවා ඇත. පසුව එම ආයතනය විසින් පවත්වාගෙන යන සිංහ එෆ් එම් රේඩියෝවට සම්බන්ධ කරගැනීමට නියමිතය.
එම රූපවාහිනී සේවය ගොඩ නැගීම සඳහා රාජ්‍ය දේපල යොද ගත් බවටද චෝදනා එල්ල වී තිබුණු අතර පසුගිය කාලයෙහි රජයට ගෙවිය යුතු බදු මුදල් කිසිවක් ගෙවීමටද කටයුතු කර තිබුණේ නැත. මේ හේතුවෙන් පසුගිය අයවැයෙන් රුපියල් මිලියන දහසක බදු මුදලක් ගෙවිය යුතු බවටද නියම විය. ඒ අනුව එම බදු මුදල් නොගෙවා ආයතනයේ අයිතිය අත් හැරීමට එම හිමිකරුවන් වන රජපක්ෂ පවුල තීරණය කර ඇති බව අප විසින් මීට පෙර වාර්තා කළෙමු.
CSN රූපවාහිනියේ ඇතැම් නිලධාරීන්ට පසුගිය සමයේ වේතන ලබාදෙන ලද්දේ ජනාධිපති කාර්යාලය විසිනි. එසේම ජනාධිපති කාර්යාලයට අනුයුක්ත වාහන ‍රැසක් CSN රූපවහිනියේ ඉහල නිලධාරීන්ගේ භාවිතය වෙනුවෙන් සපයා දී තිබිණි.

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live