Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂයක් නොවන බවත්, ඔවුන් කරන්නේ ඡන්දයක් ආවාම අපෙන් ටිකට් එක ඉල්ලගෙන තරඟ කරන එක යයි විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

සුසින් ප්‍රේමජයන්ත සන්ධානයේ ලේකම්වරයා මේ බව පැහැදිලිව කියා ඇති බවත් සඳහන් කළ විපක්ෂ නායක සිල්වා මහතා නුගේගොඩ පැවැති රැස්වීම පිළිබඳව සඳහන් කරමින් අපේ පක්ෂය වැඩ කටයුතු කරන ආකාරය ගැන කියා දීමට වෙනත් පක්ෂවලට තිබෙන අයිතිය කුමක්දැයි විමසා සිටියේය.

නුගේගොඩ රැස්වීමට සහභාගී වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිම ආරාධනාවක් නොලැබුණු බවත්, එවැනි තත්ත්වයක් යටතේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් රැස්වීමට සහභාගී වීම වරදක් බවට ජනාධිපතිතුමා සිය මතය ප්‍රකාශ කළ බවත් කීය.

මෙවැනි ක්‍රියා මගින් ඔවුන් උත්සාහ කරන්නේ ශ්‍රීලනිපය දෙකඩ කිරීම හා තමන්ගේ මනාප ඡන්ද ප්‍රමාණය කඩා ගැනීමට බවත් කී විපක්ෂ නායකවරයා නව ව්‍යවස්ථාව යටතේ කොට්ඨාශ ඡන්ද ක්‍රමය පැමිණි පසු ඔවුන්ගේ බලාපොරොත්තු කඩ වී යනු ඇතැයි ද කීවේය.

චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය තම සොයුරාටවත් අගමැති පදවිය නොදී මහින්ද රාජපක්ෂ මහතාට අගමැති පදවිය ලබා දී දෙවන පෙළ නායකත්වයක් හදා පළමු පෙළට ගෙන ආ බවත්, තමන්ටත් අගමැති වීමට අවශ්‍ය සුදුසුකම් සහ කැපවීම දැනටත් තිබෙන බවත් සිරිපාල මහතා පැවසීය. 

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live