Gallery

Related Posts Plugin for WordPress, Blogger...

Sinhala Radio

Scan Me

Scan Me
Powered by Blogger.

ලංකාවේ පාස්පෝර්ට් එක බලයක් නැති ලැයිස්තුවට

ලෝකයේ රටවල ගමන් බලපත‍්‍ර වර්ගීකරණයේ 2016 වාර්තාව නිකුත් කර තිබෙනවා. ජාත්‍යන්තර ප‍්‍රමිති ආයතනයක් විසින් සිදුකළ මෙම සමීක්ෂණයට අනුව ලෝකයේ රටවල් 104ක් එම වර්ගීකරණයට ඇතුලත්. ඒ අනුව පළමු ස්ථානය හිමිව තිබෙන්නේ ජර්මනියටයි.
ඊට හේතු වී තිබෙන්නේ නිදහස් වීසා පහසුකම යටතේ ජර්මානු පුරවැසියන්ට ලොව රටවල් 177 කට නිදහසේ සංචාරය කිරීමට හැකිවීමයි. දෙවන ස්ථානය ස්වීඩනයටත් තුන්වන ස්ථානය ෆින්ලන්තය, ප‍්‍රංශය, ඉතාලිය, ස්පාඥ්ඥය සහ එංගලන්තයට හිමිව තිබෙනවා. ඒ, එම රටවල ගමන් බලපත‍්‍ර හිමි පුද්ගලයින්ට ලොව පුරා රටවල් 175කට නිදහස් වීසා යටතේ ඇතුළුවීම සැලකිල්ලට ගනිමින්. 


මෙම ලැයිස්තුවට රටවල් 104ක් ඇතුලත් අතර ශ‍්‍රී ලංකාවට එහි හිමිව ඇත්තේ 96 වන ස්ථානයයි. නිදහස් වීසා, ඔන්ලයින් වීසා සහ විදෙස් තොටුපලකදී වීසා ලබාගත හැකි ක‍්‍රමය ශ‍්‍රී ලාංකික ගමන් බලපත‍්‍රය වෙත ලබාදෙන රටවල් ගණන 39ක් වීම මත ශ‍්‍රී ලංකාව 96 වන ස්ථානයේ පසුවනවා.

ශ‍්‍රී ලංකාවට පහලින් සිටින්නේ තවත් රටවල් 08ක් පමණයි. ඒ පිළිවෙලින් දකුණු සුඩානය සහ යේමනය 97 වන ස්ථානයේත් එරිත‍්‍රියාව, ඉතියෝපියාව, ඉරානය, නේපාලය, පලස්තීනය සහ සුඩානය 98 වන ස්ථානයේත් ලිබියාව 99 වන ස්ථානයේත් සිරියාව සියවන ස්ථානයේත් සෝමාලියාව 101 වන ස්ථානයේත් ඉරාකය 102 වන ස්ථානයේත් පාකිස්ථානය 103 වන ස්ථානයේත් ඇෆ්ගනිස්ථානය 104 වන ස්ථානයේත් පසුවනවා. 

අවසන් ස්ථානයේ පසුවන ඇෆ්ගනිස්ථානු ගමන් බලපත‍්‍ර හිමි පුද්ගලයින්, නිදහස්, ඔන් අරයිවල් හෝ පූර්ව වීසා ලබාගැනීමකින් තොරව ලෝකයේ ගමන් කළ හැකි අඩුම රටවල් සංඛ්‍යාව හිමි රාජ්‍යය වනවා.

තම රටට නිදහස්, ඔන් අරයිවල් හෝ පූර්ව වීසා ලබාගැනීමකින් තොරව පැමිණිය හැකි රටවල් අදාළ රට විසින් නම් කරනු ලබන්නේ කිසියම් රටක පවතින සාමකාමී වාතාවරණය, වෙනත් රටවල් සමග පවතින දැඩි ද්වි පාර්ශවීය සබඳතා සහ විදේශ ප‍්‍රතිපත්ති මත පදනම්වයි.


පළමු ස්ථානයේ සිටින ජර්මනියට සිය පුරවැසියන්ට ලෝකයේ රටවල් 177ක් නිදහස් වීසා පහසුකම් සපයන අතර මෙම ලැයිස්තුවේ 104 වන ස්ථානයේ සිටින ඇෆ්ගනිස්ථාන ගමන් බලපත‍්‍ර හිමි පුරවැසියන්ට එවැනි පහසුකමක් ලබාදෙන්නේ ලොව පුරා රටවල් 25ක් පමණයි. 


dddd
p2

p1

Sirasa TV

Swarnavahini Live

Hiru TV Live

TV Derana Live

Tv1 Live